කොණ්ඩඤ්ඤ නම් බුදුන්ට ඉක් ක්බිති ව මඞ්ගල නම් බුදු රජුන් වහන්සේ බුදු ව දම්සක් පැවතුන් සූත්‍ර ය දෙසූ දවස් බුදුන් හා එක දා මහණ වූ වහන්දෑ තුන් කෙලක් රහත් වූ සේක. දෙව් මිනිසුන්ගෙන් කෙළ ලක්‍ෂයක් දෙන නිවන් දුටහ. දඹදිව චිත්ත නම් නුවර සපු ගස මුල්හි දී-ගැඩඹ නම් අඹ රුක් මුල්හි දී අපගේ බුදුන් මෙන් යමා මහ පෙළහර කොට ලා දෙව් ලෝ වැඩ හිඳ විදම් බණ දෙසූ දවස් මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් දෙවියෝ නිවන් දුටහ. යම් කලෙක සුනන්‍ද නම් සක්විති රජ්ජුරුවෝ මධ්‍යයෙහි සිටි කලට එ කි එ කී අතින් සූ විසි සූ විසි ගවුව හා වටින් එක් සිය සිවු සාළිස් ගවුවෙක විතර පැතිර සිටි සක්විති පිරිස හා සමග මඞ්ගල බුදුන් කරා ගොසින් බුදු පාමොක් සඟනට මහදන් දී ලා තුන් සිවුරට සෑහෙන ලෙසට කෙළ ලක්‍ෂයක් රහතනට කසී සළු ත් පිළිගන්වා ලා බණ අසන්ට හුන්නු ද, එ කල මඞ්ගල බුදුහු බණ වදාළ සේක. රජ්ජුරුවන් ඇතුළු අනූ කෙළක් විතර රහත් ව දුන් පිළියෙහි විපාක එම ජාතියෙහි පෙනෙන්නා සේ ‘මහණෙනි, මෙසේ එව, යි වදාළ බස් පමණෙකින් ම මහණ ව මාලු පැවිදි වූ සේක.
මංගල නම් තිලෝගුරු බුදු රජුන් වහන්සේ මේඛලා නම් නුවර වසන කල එ නුවර වසන සුදේව ය – ධම්මසේනය
යන ලදරුවෝ දෙදෙනෙක් දස දහසක් ලදරුවන් පිරිවරා මඞ්ගල බුදුන් ළඟ මහණ ව රහත් වූහ. තව ද උත්තර නම් වෙහෙර දී නෑ තැනින් ම කෙළ ලක්‍ෂයක් දෙනා වහන්සේ මහණ ව රහත් වූ සේක. අග සවු දෙ දෙනා වහන්සේ රහත් වූ දවස කෙළ ලක්‍ෂයක් දෙනා වහන්සේ ම රහත් වූ සේක.