තවද යම් කෙනෙක් නිෂ්ප්‍රයෝජන වූ කෙළි ලළුවෙහි ඇලුම් කොට ගෙන සප්‍රයෝජන වූ කුසල්හි පමා වූ නම් විද්දත් ව ඉපැදත් කෙළි ලළු හැර මහණ ව රහත් වූ දෙනමකගේ වස්තු දෙක දක්වා ප්‍රයෝජනවත් නිමක් මෙලොව පරලොව දෙකින්ම නැති කෙළි ලළු හරවා පින් කම හසුරුවන්ට ඒ වස්තු දෙක කියමු.
කෙසේද යත් -
දෙන්න ම විද්දතුන්ට වුව මනා නම් කෙළි ලළු ම හෙයින් කෙළ ඇවිදිනාහු බුදුන් ගේ බණ අසා මහණ ව රහත් ව ධ්‍යාන ක්‍රීඩාවට පටන් ගත් සේක. එක් දවසක් ඒ දෙ නම බුදුන් හා කැටිව ගමට සිඟා ගිය කල්හි වහන්දෑ එක් විද්දතකු කෙළි පානාහු දැක විද්දත් ව මහණ වූ දෙ නමට ‘ඇවැත්නි, තෙලේ තමන් දෙ නම මහණ වන්නාට පෙරාතු කෙළි පෑ ඇවිද්දා වේ ද? දැනු ත් තිලි ආලය ඇත් දැ’යි විචාරා ‘නැතැ’යි කී කල්හි තෙලෙ ලෙස කියන්ට කාරණ කිම් ද? ශාසනික ව සිට ‘කීටා ගිරිකයන්ගේ කෙළි ලළුයෙහි පමණක් නැති හෙයින් ශාසනයෙහි ත් දුර්‍වල අදහස් ඇත්තවුන් කෙරෙහි නොපවත්නා නො වත් නැත්ත කියා රහත් නියාවක් හඟවන නියා වේ දැ’යි සිතා ගෙන ඵ පවත් බුදුන්ට දැන් වූ සේක.
බුදුහු ත් එපවත් අසා ‘මහණෙනි, විද්දත් කුල හැර ආර්‍ය්‍ය ජාතියට පැමිණී ම පුතුන්ට රහත් වූ තැන් පටන් ඒ අදහස් නැතැ’යි වදාරා යම් කෙනෙක් දෙව්ලෝ මිනිස් ලෝ දෙකෙහි ඇති ආයු ත් සම්පතු ත් හළවු ද? නැවත පස් කම් ගුණෙහි ඇලු මු ත් අරණ්‍යවාසයෙහි උකටලිය ත් හැර වෙසෙත්ද? කාමයො ගාදී චතුර්විධ යෝගයෙන් මිඳුනා වූ මාර්‍ග ඥාන නමැති ජලයෙන් එකොළොස් ගින්න නිවා ගත් හෙයින් ම නිකෙලෙස් වූ ඔහු උතු මැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් කවර ලෙසිනුත් නිෂ්ප්‍රයෝජන දෙයෙක සිත් නොහෙළා කරන කියන සිතන දෙයෙක් කුශල් ධර්‍ම වඩනා දෙයෙකට ම උත්සාහ කටයුතු.