තව ද රහතන්ට පින් පව් දෙක ම නැති නියාව හඟවන්ට රෙවත තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
එහි විස්තර කථාව සත් වන අරහන්ත වග ආ ම ය. එතෙකුදු වුව ත් උන්වහන්සේ මහ පිණැති නියාව හඟවා වහන්දෑ කථා කළ කල්හි කුශල ය ඇත් නම් ඉෂ්ට විපාකත් දෙ වන හෙයින් භවොත්පත්ති යනු සුන් නියාව ද උන්ට භවොත්පත්ති ය නැති වීමෙන් ම පින් පව් නැති නියාව ද දක්වන සේක් ‘යම් කෙනෙක් රහත් මගින් ම පින් පව් දෙක ම ගෙවා සිටියෝ ද, කිසිවෙක ත් ඇලුම් නැත්තෝ ද, කිසිවෙකත් ඇලුමක් නැති බැවින් ම ශෝක නැති වූ රාගාදී කෙලෙස් කසළ ත් නැති බැවින් අත්‍යන්ත පරිශුද්ධ වූ ඔහු උත්තම ය යි කියමී’ වදාළ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් බොහෝ පින් කම හැසිර පින් පව් දෙක ම නසා භවොත්පත්ති ය වැළකිය යුතු.