තව ද බ්‍රාහ්මණ ලක්‍ෂණ ය ම හඟවන්ට ඛෙමා නම් ස්ථවිරින්දෑ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
එක් දවසක් සක් දෙවිඳු මධ්‍යම රාත්‍රි වේලෙහි දෙව් පිරිස් හා සමග අවුත් බුදුන් වැඳ ලා කථා කොට කොට හුන්හ. එ වේලාට ඛෙමා නම් ස්ථවිරින්දෑ ද බුදුන් දක්නා නිසා ආසින් අවුත් සක් දෙවිඳු හා කථා කොට හුන් නියාව දැක ආස සිට බුදුන්ට වැඳ ලා ආ පස්සෙහි නික්මුණු දෑ ය. සක් දෙවිඳු ත් දැක ‘එන්ට අවුත් ලා ආ පස්සෙහි ගියා කවුරුන් දැ’ යි විචාළෝ ය. “ශක්‍රයෙනි, තුලූ මට අග්‍රශ්‍රාවිකා ව සිටි ඛෙමාවෝ වෙත් දැ’යි වදාරා බණ වදාරන බුදුහු ‘යම් කෙනෙක් මහ සයුර සේ ගැඹුරු නුවණැත්තෝ ද, තව ද ස්ථානෝචිත ප්‍රඥාත් ඇත්තෝ ද, මේ අකුශලය නම් දුගතියට මඟ ය, මේ කුශල ය නම් සුගතියට මඟ ය යි දනිත් ද, නැවත සව් කෙලෙසුන් ගෙවා රහත් වූ ද, උන් උත්තම ය යි කියමී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් රහත් වීමට ම උත්සාහ කටයුතු.