තව ද යහපත් කොට ගිනිවර කළ රත්රන රිදී භාග ය නැත්තා සේ රහත් සතන කෙලෙස් කසළ නැති නියාව හඟවන්ට උපුල්වන් ස්ථවිරීන්දෑ ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
මෙහි විස්තර කථාව මුල ම කියන ලද. ‘රහතන්ට ත් කාම පීඩාව ඇති නියා වේ දැ’යි කථාව උපන් කල්හි ඒ එ සේ නො වන නියාව වදාරන බුදුහු ‘යම් කෙනෙක් තුමූ යම් සේ නෙළුම් පත පැන් බින්දු නො ඇලේ ද, පිහිටා නො සිටී ද, වැටීම හේ ද, හිදි කටු අග හබ ඇටයක් තබා ලූ පමණෙකින් නො රඳා ද, වැටීම් හේ ද, කෙලෙස්හි ඇලුම් රහත් මඟින් ම සුන් බැවින් නැත්තෝ වී නම් බ්‍රාහ්මණ ය යි කියමි. වේද ඉගෙන සූත්‍ර හූ කර ලා සක් හැර ගෙන හෝම කොට ඇවිදීම් පමණකට පැවැති වැවහාර සෙයින් බමුණුය කියත් මුත් සෙසු ලෙසින් බ්‍රාහ්මණ ය’යි නො කියමි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ස කෙලෙස් වීම සොපද්‍රව සෙයින් නිකෙලෙස් වන්ට ම උත්සාහ කටයුතු.