තව ද දළ මඬුලු අඳුන් දිවි සම් නැති වත් සොහොන් ආදී තෙවිසි තැනකින් කඩ ගෙන දුඹුල් තැන් පියා තර තැන් ගෙන සිවුරු කොට රඳා වැළඳ ත් භවක්‍ෂයට කරන යත්නයක් මුත් අසන්ත ගුණ සම්භාවනායෙහි ඉච්ඡා නැත්නම් එ ම යහපත් නියා ව හඟවන්ට කිසා ගොතමීන්දෑ ගේ වත දක්වමු.
කෙසේ ද යත්-
එක් දවසක් සක් දෙවිඳු පෙර යම් දස පැය ගිය කලට දෙ දෙව්ලොව දෙවියන් පිරිවරා අවුත් බුදුන් වැඳ ලා එකත් පස් ව බණ අසා හුන්හ. ඒ වේලාට කිසා ගොතමීන්දෑ ත් බුදුන් දක්නා නිසා ආසින් අවුත් සක් දෙවිඳු දැක නැවතී දෑ ය. සක් දෙවිඳු ද නැවත යන නියාව දැක බුදුන් අතින් ‘මුඹ එන්ට අවුත් ලා පෙර ළා යන සේක් කවුරුන් වහන්සේ දැ’යි කිවු ය. බුදුහු ත් ‘හෙම්බා, තුලූ කිසාගෝතමී නම් වූ මාගේ එක් දුවණි කෙණෙක. මෙහෙණි සස්නෙහි යම් කෙනෙක් පසුල් සිවුරු ධරත් නම් තුලුන්ට වඩනෝ නැතැ’යි වදාරා ‘යම් කෙනෙක් මහණ වුවත් මෙහෙණි වුවත් දුවඟ පිරීම නිසා සිවුරු පසුල් ධරත් රුක්‍ෂ වූ ප්‍රතිපත්ති පූරණ ය නිසා ගුණෙන් සීන්දෑරි කමුත් නැතත් වෑර පියා වසන්නා වූ දුර්වල වීමෙන් ම නහර වැල් ඉපිල සිටිනා වූ දුර්‍වල වුව ත් වාස ඵාසුවකට නො සිතා ගණ සඞ්ගනිකාව හැර වෙන් ව වසන්නවුන්ට බ්‍රාහ්මණ යයි කියමී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් සුජනයන් විසින් ධුතඞ්ගප්පිච්ඡතාදි ය ඇති ව ධුතාඞ්ග පූරණාදියෙහි හැසිර භවක්‍ෂයට උත්සාහ කටයුතු.
________