තව ද දෑ ගොත් පමණෙකින් පන ත් පමණක් විනා බ්‍රාහ්මණ නො වන නියාව හඟවන්ට එක්තරා බමුණු කෙනකුන් ගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
ඒ බමුණානෝ එ දවසක් ‘බුදුහු තමන් වහන්සේගේ සවුවන්ටත් බ්‍රාහ්මණය යි වදාරන සේක. මම ද වැළිත් ජාතීනු ත් ගෝත්‍රයෙනු ත් බ්‍රාහ්මණයෙමි. මටත් එලෙස කීම යහපතැ’යි සිතා බුදුන් කරා ගොසින් එ පවත දැන්වූහ. බුදුහු ත් ‘රහත් වූවන්ට මුත් සෙස්සවුන්ට පැවති බැවහාර ලෙසින්ම එ ලෙස බැවහාර කරත් මුත් බ්‍රාහ්මණ ය යි නො කියමී’ වදාරා බ්‍රාහ්මණ ලක්‍ෂණය ඇත්තවුන් වදාරන සේක් ‘එම්බල, යම් කෙනෙක් ශමථයෙහිත් විදර්ශනායෙහි ත් යෙදී වෙසෙත් ද, පඤ්චවිධ විමුක්ති නමැති ජලයෙන් රාගාදී කිලුටු සෝධා හළවු ද, ගණසඞ්ගනිකාවෙනුත් ක්ලේශ සඞ්ගනිකාවෙනුත් දුරු වූ ද, ශ්‍රෝත්‍ර ආපත්‍යාදී චතුර්විධ මාර්‍ගයෙන් දුඃඛපරිජානනාදී වූ ෂොඩශ විධකෘත්‍ය ය කොට නිමවූ ද, කාමාශ්‍රවාදී චතුර්විධ ආශ්‍රවයනුත් නසා පූද, එසේ වූ වන්ට රහත් ඵල සමවතට සමවැදීම් වශයෙන් අර්හත් ඵල සමවත් පවත්වන හෙයින් බ්‍රාහ්මණ යයි කියමි’යි වදාළ සේක. දේශනා කෙළවර බමුණානෝ සෝවාන් ව ආර්‍ය්‍ය ජාතියට පැමිණීමෙන් බ්‍රාහ්මණ වන්ට නියම වූහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් සෙසු කවර ත් ජාතියෙක ඇලුම් හැර ආර්‍ය්‍ය ජාතියට පැමිණෙන්ට යත්න කටයුතු.