තව ද තුනුරුවන්හි ප්‍රසාද බහුල ව වසන්නවුන්ට උත්සාහ වඩනු නිසා ප්‍රසාද බහුල බමුණානන් ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
ඒ බමුණාණෝ බුදුන්ගේ බණ අසා පහන් සිත් ඇති ව තමන්ගෙන් සොළොස් දෙනකුන් වහන්සේට නිරන්තර දනක් නිල කර වා වහන්දෑ සිඟා වැඩි වේලාවට පාත්‍ර හැර ගෙන රහත් වහන්සේ වඩනා බව ය’ යනාදීන් කියන යම් බසෙක් ම රහත් බැවහාර ය කියා ලා ම කියති. ඉන් පෘථග්ජන වහන්දෑ තමන් වහන්සේ රහතැයි සිතා කියති. කියාත් රහත් වහන්දෑ තමන් වහන්සේ රහත් නියාව දැන පු ව යි කියාත් කුකුස් කොට ගෙන රහත් නො රහත් දෙ පක්‍ෂය ම උන්ගේ ගෙට සිඟා නො යන සේක. බමුණානෝත් මුසුප්පු ව පියා නො වඩනට කාරණ කිම් දැ යි විහාරයට ගොසින් බුදුන් වැඳ ලා එ පවත් බුදුන්ට දැන්වූහ.
බුදුහු ත් වහන්දෑ බණවා ලා සිඟා උන්ගේ ගෙට නො යන්නේ කුමක් නිසා දැ යි විචාරා එ පවත් දැන්වූ කල්හි රහතැයි යන බස තෙපි ඉවසු දැ’යි විචාරා ‘අප ඉවසුවේ නැතැ’යි කී කල්හි ‘පැහැදැ පහන් සිතින් කියා ලූ දෙයෙහි වරද නැත. එ තෙකුදු වුවත් උපන් කීර්ති ය නො පිරිහෙළිය යුතු හෙයින් තෙපි රහත් නුවූ කෙනෙක් රහත් වන්ට උත්සාහ කරවයි වදාරා බණ වදාරන බුදුහු ‘හෙම්බා, මේ තෘෂ්ණාව නම් ලඝුවෙකින් සිඳ ලිය නො හැක්ක. එ හෙයින් මහත් වූ උත්සාහ වීර්‍ය්‍යයෙන් තෘෂ්ණාව සිඳුනා නිසා වස්තු කාමය ත් තද්විෂයෙහි වූ ක්ලේශ කාමය ත් හරුව. ති ලකුණු මෙනෙහි කිරීමෙන් නිවන් පසක් කරව’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
බමුණානන්ගේ දෙයක් එ තැන්හි නො වදාළ ත් උන් සිස් වන්ට යුක්ති නැත. ඒ තරමුන්ට අධිගම නැත් නම් තරම්මු කවුරු ද? ඉන්ද්‍රිය පරිපාක ය වූ කල්හි අධිගම ය වී ය යි දත යුතු.
එ හෙයින් සත් පුරුෂයන් විසින් ප්‍රසාද ය කළ මනා තන්හි ප්‍රසාද ය කොට අධිගම සිද්ධියට ම උත්සාහ කටයුතු.