236. වග්ගු මුදා නම් හෝ තෙර වසන වහන්දෑගේ වත

star_outline

තව ද දුශ්ශීල ව විසීමෙහි නපුර හඟවන්ට වග්ගුමුදා නම් හෝ තෙර වසන වහන්දෑ ගේ වත දක්වමු.

කෙසේද යත් -

මෙහි කථා ස්වරූප ය විනයෙහි උතුරු මිනිස් ධම් පරිජ්ජේහි ආ ය. එ කල බුදුහු ‘මහණෙනි, බඩක්. නිසා තමා කෙරෙහි නැති මහඟු ලොවුතුරා දහම් ගිහීන්ට කියා ඇවිද්දා දැ’යි චිචාරා ‘එ සේ ය’යි කී කල්හි නො එක් ලෙසින් ඒ වහන්දෑට බැණ දොඩා වදාරා ‘මහණෙනි, දුශ්ශීලව සිට සැදෑ ඇත්තවුන් දුන් සිවුරු පොරෝනා බලා ත් ගිනි ගෙන දිලියෙන ය පට පොරෝනේ මැනව. සැදෑ ඇත්තවුන් දුන් බත් වළඳනු බලා ත් ගිනි ගෙන දිලිසෙන යවට ගලනු මැනව. සැදෑ ඇත්තවුන් කරවා දුන් සෙනස්නෙහි ලගිනා බලා ත් ගිනි ගෙන දිලියෙන ලෝ ගෙයි ලග්නේ මැනව. කුමක් නිසාද යත්- එම ජාතියෙහි වන දුකක් මුත් ඉන් දෙ වන ජාතියට යන දෙයෙක් නැත. දුශ්ශීල ව සැදෑ ඇත්තවුන් ගෙන් දුන් සතර පසය අනුභව කළ කල එක ජාති ය නිසා නො එක් ජාති නස්සී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් බිජු වට වැපිරීමට පෙරාතු කුඹුරු සරු සාර කරන්නා සේ දායකයන්ගේ පරිත්‍යාගම ය වූ කුසල් බිජුවට වපුරන නිසා සිත් සතන් නමැති කෙත්වලට නුවණ නමැති ඇළවලින් වීර්‍ය්‍ය නමැති පැන් මෙහෙයා කුසල් නමැති සී සෑමෙන් කෙලෙස් නමැති තණ කුණු කොට සැදෑ නමැති බිජුවට වපුට ලොවී ලොවුතුරා සැප ත් නමැති ශස්‍ය ඵල සාදා ගත යුතු.