206. සවග වහන්දෑ ගේ වස්තුව

star_outline

තව ද දුෂ්ප්‍රතිපත්තියෙහි නපුර දක්වනු පිණිස සවග වහන්දෑගේ වස්තුව කියමු.

කෙසේ ද යත් -

ඒ සවග වහන්දෑ විහාරවලත් ගම්වල ත් භෝජන ශාලා කසල කෙරෙමින් ඇවිදිනා දෑ ය. එක් දවසක් ගම දී වළඳා ලා ආ බාල වැඩි මාලු වහන්දෑ අතින් විහාරයෙහි වැඩහුන් වහන්දෑ ‘ඇවැත්නි, ගම භෝජන ශාලා කෙසේ තිබේදැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, අප අතින් විචාරන්ට නො කැමැත්තේ ය. සවග වහන්දෑ ‘ අපි ම සපනුම්හ. අපි ම නුවණැත්තම්හ. අප කළ දෙයකට කවුරු කුමක් කියත්ද? මුන් හැම දෙන ම මතු මුඛ වළඳනට රිසි එලවම්හ’යි මරා තලා ඉස කසළ ලා අපට මෙ ලෙස කොට භෝජන ශාලායෙහි බොහෝ ආලොහළ කළ සේකැ’යි කිවු ය. එ පවත් ඇසූ වහන්දෑ ද බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, යම් කෙනෙක් මිතභාණි නොව තමන් දොඩමලු බැවින් සරුප් පමණකු ත් නො සලකා දොඩා පුරා ගෙන ඇවිදිත් ද ඌ නුවණැත්තහ යි නො කියමි. යම් කෙනෙක් නිෂ්පාපීහු වී නම් නුවණැත්තෝ නම් ඔහු ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සතර මඟ සතර ඵලයට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් දුශ්චරිතයෙන් දුරුව සුචරිත පුරා නිවන් දහම් පසක් කටයුතු.

_______