සිංහලයන්ට උවමනා හැම දෙයක් ම සම්පූර්ණ කළ මහ පැරකුම්බා රජුගෙන් පසු රට අවුල් විය. කලිඟු-පඬි කඹ ඇදිල්ලට හවුල් වීම නිසා සිංහලයෝ හොඳට ම හෙම්බත් වූහ. පෙර විඳි සැපවත් ජීවිතයෙහි රස පවා ඔවුන්ට අමතක වි ය. මේ අතරට සිංහලයන්ගේ දුර්‍වල තැනක් සොයා පහරදීමට කවදත් ලෑස්ති ව සිටින ඉන්දියානුවන්ට එ කල ලක්දිව පැවති තත්‍වය දැන ගන්ට ලැබී සතලිස් දහසක් පමණ බල සෙනගක් සමඟ පැමිණ අපරට අත්පත් කර ගත් මාඝ-ජයබාහු යන මළල – දමිළ දෙ රජුන් නිසා සිංහලයන්ට වැඩි සැප -කුල-සිරිත් ධර්‍ම - ශාස්ත්‍ර තබා බඩ වියත පවා රැක ගැනීමට මඟක් නැති වි ය. මෙ සේ සතලිස් වසක් පසුවී යන අතර අළු යටින් මතු වූ ගිනි පුපුරක් වැනි පිටිසර පෙදෙසකින් මතු වූ වත්හිමි (3 විජය බාහු) කුමරු මායාරට දඹදෙණි නුවර රජ බවට පැමිණියේ සිය පිත් (කලිකාල සාහිච්ච සබ්බඤ්ඤු පණ්ඩිත) ii පැරකුම්බා කුමරු මහා සංඝයා වහන්සේගේ ආධාර ද ඇති ව ඇති – දැඩි කිරීම නිසා නැවත ත් සිංහලයන්ගේ නැති වූ සෞභාග්‍ය ය උදා වි ය.
ග්‍රන්ථකාරක සම ය නමින් හැඳින්වෙන්නේ වත් හිමි iii විජයබා ඇතුළු ii පැරකුම්බා iv විජයබා i බුවනෙකබා යන මේ සිවු රජුන් ගේ දෙ පණස් වසරක් පමණ වූ රාජ්‍යකාල ය යි.
ලක්වැසියාගේ යහපත පිණිස අවශ්‍ය හැම දෙයක් ම මේ රජුන් අතින් සැපයෙන අතර පඬිවරයෝ ද රටේ කාගේ ත් පොදුප්‍රයෝජනයට පිරිමැසෙන පරිදි පොත් පත් නිපදවූහ. ඔවුහු විවිධ ප්‍රයෝජනයට පිරිමැසෙන පරිදි පොත් පත් නිපද වූහ. ඔවුහු විවිධ මාර්‍ග ගෙන විවිධ විෂයයන් පිළිබඳ ස්වකීය ග්‍රන්ථ රචනා කළහ.
එයින් සමහරෙක් ආධුනිකානුග්‍රහ ය, උගතුන්ගේ ප්‍රයෝජන ය හා භාෂා පෝෂණය පිණිසත් පොත් ලියන අතර තවත් සමහරෙක් උගතුන්ට ධර්‍මඥාන ය හා ශ්‍රද්ධාභක්තියත් දෙලොව අභිවෘද්ධියත් සැලසෙන සේ ලිහිල් සිය බසින් පොත් ලියූහ.
තරඟ ලීලාවෙන් නැතහොත් සරදම් වශයෙන් ලියූයේ ය යි සිතිය හැකි ප්‍රයෝජනවත් පොත් දෙකක් ද මේ අතර ඇත. ඔවුන්ගේ යටි සිතෙහි පැවති හැඟීම් හා ප්‍රතිභාන ශක්තිය ද අප අතරට පත්වූයේ මේ කරුණු නිසා ය.