සද්ධර්ම රත්නාවලිය

star_outline

උගත් නූගත් බොහෝ දෙනා ප්‍රියකරණ - කියවන - වර්ණනා කරණ— විවේචන ය කරණ හැම සිංහල ගෙදරක ම පාහේ සම්පූර්ණ පොත නැතහොත් කාණ්ඩයක් වත් තිබෙන මේ පොත ගැණත් මෙහි කර්තෘ ගැණත් අඳුන්වන්ට යෑම සිංහලයන්ට බත් අඳුන්වා දීමට උත්සාහ ගැනීමක් වැන්නකි. එහෙත් මෙහිලා කෙරෙන අපගේ විවේචනය මුක්කරු ගරා ඉවත දමා ගිය නාම්බුවක ඉතිරි වන වෛරෝඩි – ආර්නූල් ආදී අගනා රත්න ජාති තෝරන ලාංකිකයකුගේ ක්‍රියාවට සම ය යි කිය - තො ත් එය බොරු නොවේ.

සද්ධර්‍ම රත්නාවලී නමැති ආකරයෙන් බැහැරට ගෙණ තම තමන් හඳුනන පමණින් හේතු – ඵල - න්‍යාය – උපමා – උපහාස ආදී අගනා රත්න වර්‍ග තෝරා පෙන්නුම් කර ඉවත ලූ කථා වස්තු නමැති නාම්බුවෙහි අර්ථරස – ධර්‍මරස ආදී නාඳුනන තව ත් බොහෝ රත්න ජාති ඇති හෙයිනි.

එ හෙයින් සද්ධර්‍ම රත්නාවලිය - එහි කර්තෘ හා තත්කාලීන අන්‍ය ග්‍රන්ථ කර්‍තෘන් ගැණත්, ඔවුන්ගේ රචනා ගැණත් ග්‍රන්ථ රචන ය පිළිබඳ එකී ග්‍රන්ථ කර්‍තෘන් රැගෙන තිබෙන විවිධ මාර්‍ග – ඒ අනුව ඔවුන්ගේ පැවැත්ම හා සද්ධර්‍ම රත්නාවලී ලෝලයන් ගැන ත් අප ඇසට පෙනෙන යමක් ලිවීම ය. මෙහි අදහස.