අට විධ වූ තපස් නම් කවර? යත් සපුත්තදාරකය, උංඡාචාරිකය සම්පත්තකාලක ය, අනග්ගිපක්කික ය, අසම්මුට්ඨික ය, දන්තලුය්‍යක ය, පවත්තඵලක ය, චණ්ටමුත්තක යයි යන මේ අට තපස් නම.
එහි විභාග මෙසේයි: සමහර කෙනෙක් අඹු දරුවන් කෙරෙහි ලෝබ ය ඇති ව ඔවුන් හැරපිය නොහී අඹුදරුවන් හා සමඟ ඉසි වෙස් ගෙන කෘසි වණික් ආදි නිරවද්‍ය කර්මාන්තයෙන් දවස් යවන්නාහු ය. ඔහු සපුත්තදාරක නම් වෙති.
සමහර කෙනෙක් වලට නො ගොසින් නුවර දොර පන්සැල් කරවා ගෙන එහි රජ බමුණු වෙළෙඳ සිටු දරුවන් අකුරු කරවා රන් රිදී මසු කහවණු නො පිළිගෙන උඳු මුං තලතෙල් සහල් ආදි කප්පිය භාණ්ඩයන් රැස් කොට වාසය කෙරෙති. ඔහු උඤ්ජචාරිකයෝ නම් වෙති. ඒ තපස පළමුවන තපසට වඩා උග්‍රය.
සමහර කෙනෙක් කිසි පළිරෝධයක් නැති ව ඉසිවෙස් ගෙන වෙලාවට ගම් වැද භික්‍ෂාටන ය කොට ලද දෙයෙකින් යැපී තපස් කෙරෙති. ඔහු සම්පත්තකාලක නම් වෙති. ඔවුන්ගේ තපස දෙ වන තපසට වඩා උග්‍ර ය.
සමහර කෙනෛක් ගිනි නොවන් වන මුල් ඵලාපල ශාඛාදීන් අනුභව කොට තසප් කෙරෙති. ඔහු අනග්ගිපක්කිකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස තුන් වන තපසට වඩා උග්‍ර ය.
සමහර වීර පුරුෂ කෙනෙක් මිටි වාණක් හෝ තෙසු සැතක් හෝ අතින් ගෙන වෙනෙහි ඇවිද දුටු යම් ගසෙකින් පොතු මුල් ආදිය තලා ගෙන අනුභව කොට පෙහෙවස් ඉටා ගෙන සතර බ්‍රහ්මවිහාර භාවනාවන් කොට වාසය කෙරෙති. ඔහු අසම්මුට්ඨිකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස සතර වන තපසට වඩා උග්‍ර ය.
සමහර විරපුරුෂ කෙනෙක් ඒ මිටි වාණාදියත් නො ගෙන දුටු යම් ගසෙකින් පොතු [1]මල් ඵල ජාති ආදිය දතින් උරා ගෙන අනුභව කොට දවසින් දවස උපෞෂථාඞ්ගය ඉටා බ්‍රහ්මවිහාර භාවනා කෙරෙති. ඔහු දන්තලූය්‍යක නම් වෙති. ඔවුන්ගේ තපස් පස් වන තපසට වඩා උග්‍ර ය.
සමහර කෙනෙක් එක් විලක් හෝ එක් වන ලැහැබක් හෝ ගොදුරුගම් කොට සිතා හිඳගෙන අනික් තෙනකට නො ගොසින් ඒ විලෙහි ම නෙළුඹල නෙළුඹුදැලි ඕළු ආදිය හේ එම වෙනෙහි මල් සමයෙහි මල්, ඵල සමයෙහි ඵල, කොළ සමයෙහි කොළ අනුභව කෙරෙති. යටත් වසයෙන් සෙසු සමයෙහි ගැටසුඹුලු ආදිය අනුභව කෙරෙති. ගොදුරු නිසා අනික් කිසි තැනකටත් නො ගොස් නිත්‍ය ශීලය රක්‍ෂා කොට බ්‍රහ්මචර්‍ය්‍යාව රක්‍ෂා කෙරෙති. ඔහු පවත්තඵලකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස සවන තපසට වඩා උග්‍ර ය.
සමහර වීරපුරුෂ කෙනෙක් සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව ගෙන වල් ගොස් එක රුකක් මුල හිඳගෙන මල් ඵල කොළ නටුයෙන් ගිලිහී සමීපයෙහි වැගිර ගිය කල අත පොවන මානයෙහි තුබූ දෙය ඇරගෙන අනුභව කෙරෙති. ස්වහස්තයෙන් බිඳගෙන අනුභව නො කෙරෙති. ඔහු වණ්ටමුත්තකයෝ නම් වෙති. ඔවුන් ගේ තපස සත්වන තපසට වඩා උග්‍ර ය.
මොහු අටදෙන ම පඤ්චශීලය රක්‍ෂා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තිලාභී වෙත් ම ය. ගුණයෙන් වනාහි ක්‍රමක්‍රමයෙන් ම උත්තමයහ යි දතයුතු.
මේ අට තපසින් එ කල දන්තලුය්‍යක නම් වූ සවන තපස කොට ශීල බෙලෙන් ශක්‍රදේවේන්ද්‍රයාගේ; දිග සැට යොදුන් පුළුල පනස් යොදුන්, බොල පසළොස් යොදුන්, බඳුවද පෙත්තක් හා සමාන පැහැ ඇති, ඔහු උන් කල නාභිමණ්ඩල ය දක්වා ගැලී යන්නා වූ, නැගි කල භෙරි තලයක් සේ තැනී යන්නාවූ, හුණු කැමැති කල හුණු ව පවත්නා වූ, සිහිල් කැමැති කල සිහිල් ව පවත්නා වූ, පාණ්ඩුකම්බල නම් ශෛලාසන ය ශිල තේජසින් හුණු කරවා ඒ ශක්‍රයා ගෙන්වා විශේෂ වූ ප්‍රශ්න ව්‍යාකරණයෙන් ඕහට ධර්ම දේශනා කළ සේක. ඒ දේශනාවෙහි සන්තෝෂ වූ සක් දෙව් රජ ඒ වැඩහුන් ගස සහ මිල්පල්ලෙන් මවා ධ්‍රැවඵලයෙන් පූජා කොට ගියහ.
-
මුල් ↑