නිෂද්‍ය දෝෂ අට නම් කවර? යත්;
කර අඹරා බලන සේ පිටිපසු ව ලා නොහිඳීම ය. දෘෂ්ටි පළා බලන සේ බ්‍රහ්මස්ථානයෙහි නො හිඳීම ය, දොඩන කල ඇඟට කෙළ නො ඉසෙන සේ ඉතා ළංව නො හිඳීම ය, අඞ්ගා කථා කරන සේ ඉතා දුරුව ලා නොහිඳීම ය, තමා ඇඟ ගත් සුළං බුදුන් ඇඟට යන සේ උඩුසුළඟට ව ලා නො හිඳීමය, බුදුන් ඇඟ ගත් පවන් තමා ඇඟ ගන්නා සේ යටිසුළඟට ව හිඳීම ය; කර ඔසවා බලන සේ උස් තෙනකට ව ලා නො හිඳීම ය, කර හෙළා බල බලා කථා කරන සේ ඉතා වළතැනට ව ලා නො හිඳීම ය යන මේ අට වැදෑරුම් වූ නිෂද්‍ය දෝෂ නම්. කීයේ මැනෝ:
න පච්ඡතො න පුරතො - නපි ආසන්තදූරතො,
න කච්ඡෙ නො පටිවාතෙ - න චාපි ඔනතුන්නතෙ;
එතෙ දොසෙ විවජ්ජෙත්වා - එකමන්තන්ති වුච්චති-යි.