රජ්ජුරුවෝ බුදුන් වැඳ පෙරමඟට දිව බුදුන් වඩාගෙන ගොස් බුද්ධාසන පනවා වඩාහිඳුවා බුදුපාමොක් සඟපිරිසට මහදන් දී වළඳා අන්තයෙහි එකත්පස්ව හිඳ “ස්වාමීනි, මෙතැන් පටන් ජීවිතාන්තය දක්වා තුණුරුවන් හැර වාසය කළ නො හෙමි. සිතූ යම් විටෙක ම දැක වැඳගන්නා කැමැත්තෙමි. යටිමන උයන ඉතා දුර; මේ වෙළුවනය-කලන්‍දක නිවාප ය යි කියන ලද නම් දෙකෙකින් අලඞ්කාර වූ උයන ඉතා ළඟ; සිසාරා සිට ගත් නිල්වලා රැසක් වන් හුනවනයකින් පරික්‍ෂිප්ත ව ඉතා ක්‍ෂේම වූ හෙයින් මේ වේළුවන ය යි කියනු ලැබෙයි. කලන්‍දක නම් ලෙහෙනන්ට දෙන ලද නිපාප ඇතිහෙයින් කලන්‍දක නිවාප නම් විය. ඒ කෙසේ ද? යත්;
ගිය දවස එ නුවර ම රජකරන එක් රජෙක් දවසෙක උයන් කෙළියට ගොස් සොළොස් දහසක් පුරඟනන් හා සමඟ උයන්කෙළි කෙළ රා බී මත් ව සලයට හෙව සවස නිඳන්නට පටන්ගත. පුර ස්ත්‍රීහු රජු නින්දෙන් ප්‍රමාද වූ සේ දැක අපි ද තෙල දැන් නින්දෙන් කෙළුම්හ යි නිදන වේලෙහි ගස් බිලයෙක වසන නයෙක් රජුගේ කටින් නික්මුණු සුරාපාන ගන්‍ධයෙන් කිපී බිලයෙන් පිටත් ව රජු දෂ්ට කෙරෙමි යි ළඟ ළඟා එයි; එ වේලෙහි මගුල්සල අරක්ගත් වෘක්‍ෂ දේවතාවා රජ මෙළේ නම් මාගේ උයන පාළුවෙයි සිතා ලේනවෙසක් ගෙන රජු කරා දිවගෙන අවුදින් කන්මුලට කොඳුරා රජු පුබුදුවා පූය. එ කෙණෙහි නයා ආපස්සේ නමාගත. රජ තමා ළඟ සිට යන්නා වූ නයි දැක අද මේ ලේනා නිසා මුත් මාගේ ජීවිතය නැතැයි ලේනා කෙරෙහි කළ ප්‍රේමයෙන් මාගේ මේ රාජ්‍යයෙහි ලෙහෙනක මැරූ සතෙක් ඇත් නම් දහස් ගණන් දඩ ගනිමි යි-වර්ග නසමි’යි කියා රට බෙර ලවා ඒ උයනෙහි ලෙහෙනන් හැම දෙනාට ම දවස් පතා වැටුප් තබා දින. එතැන් පටන් ඒ උයන කලන්‍දකයන්ට නිවාප දෙන හෙයින් කලන්‍දක නිවාප නමුදු විය.