යස කුලපුත්‍රාදීන්ගේ පැවිද්ද

star_outline

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ ගිනි කඳෙක හැල්පැන් [1]නමන්නා සේ දේශනා නමැති අමාදියෙන් සිටාණන්ගේ ශෝක නමැති මහ ගිනි නිවා වදාළ සේක. එ කෙණෙහි සිටාණෝ සෝවාන් වූහ. ඒ බණ වදාරණ වේලෙහි පුතණුවන් වහන්සේ රහත් වූ සේක. ඉක්බිත්තෙන් සිටාණන් ගිය කල්හි ඒ යස නම් ස්වාමීන්ගේ ගිහි යහළුවෝ සූපනස් දෙනෙක් යහළුවාණන් මහණ වූ බව අසා ‘අප යහළුවා අප කීවක් කෙරේයයි, ඔහු සිවුරු හරවාගෙන කෙළියට ගෙන එම්හ’යි වාසි කියා සුදු පිළිගෙන ගොස් සන්හුන් ගුණෙන් සිටි තෙරුන් වහන්සේගේ උපසමය හා බුදුන්ගේ රූසිරි දැක ‘අප යහළුවා ගිහිගෙයි වසන කලට වඩා දැන් ඔහුගේ මහණ වෙස ම ඉතා හොබනේ ම ය. සඳුට අනු වූ ගුරු තරුව සේ ඉතා හොබනේ ය. උතුමකු කෙරේ මහණ වි ය. අප යහළුවා ලද සිරි අපටත් වී නම් යෙහෙකැයි’යි සිත සිතා බුදුන් වැඳ එකත් පස්ව සිටියහ. බුදුහු ඔවුන්ගේ චරිත බලා බණ වදාරා අමා මහ නිවන් දක්වා දක්‍ෂිණ ශ්‍රි හස්තය දිගුකොට “එථ භික්ඛවෙ” යනාදීන් වදාරා සෘද්ධිමය වූ පාත්‍ර සිවුරු දී ඒ සූපනස් දෙනා මහණ කළසේක.

මේ යසාදි පස් පනස් යහළුවෝ ද පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදු උතුමාන කෙනකුන් දැක සසරින් ගොඩනැංගාහු ද? යත්; පෙර එක් කලෙක මේ පස්පනස් දෙන දැන් සේ ම යහළුව ඇවිදිනාහු දැරි ඇති ගැහැණියක අනාථ ව මිය වන මැදෙක වැදහොත්තිය දැක ඈ කෙරෙහි කරුණා උපදවා පින් නිසා දරසෑයක් බැඳ ඈ දවන්නාහු මිනිය දන වේලෙහි ඈ ඇගින් දදා නැගෙන බුබුළු දැක බුබුළු ගැසුණු වේලෙහි පොතු ගැලවුණු කුකුළලයක් සේ සර්වාඞ්ගය සුදුවන සේ දැක අනිත් ලකුණු උපදවා මේ සියලු සතුන්ගේ ම ධර්මයෙකැයි තිලකුණු මෙනෙහි කළහ. මෙසේ ඒ ජාතියෙහි මිනිය දවාපු පිණින් දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි සැරිසරා ඇවිද මේ බුදුන් සමයෙහි අපමණ කල් සුව සැපත් විඳ.

ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ කෙබඳු වූ පිනක් කොට මෙබඳු වූ බුදුකෙනකුන්ගේ සියලු මහ සව්වන්ට පළමු ව අග්‍ර වූ නිවන් දුටුසේක් ද? යත්; පෙර මහා විපස්සී නම් බුදුන් සමයෙහි බන්‍ධුමතී නම් නුවර චූලකාළ නම් සිටුව හැල් කුඹුරෙක බඩ තළවා පැන් නො වකා කිරිපිඬු පිසවා බුදුපාමොක් මහසඟ පිරිස වළඳවා මෙසේ ම ඒ එක කෙතැ ගොයමින් නව වාරයක් අග්‍රභෝජනය දී මතු බුදුකෙනකුන්ගේ සස්නෙහි මම පළමුවන අග්‍ර දෙසුම් අසා අග්‍ර වූ නිවන් රස ලද්දවුන් කෙරෙහි අග්‍රවෙම්වයි ප්‍රාර්ථනා කොට ඒ පිණින් එකානූකපක් මුළුල්ලෙහි අපායට නො ගොස් දිව්‍යලෝකයෙහි හා මනුෂ්‍යලෝකයෙහි සුව විඳ ඇවිද දැන් අප බුදුන් සමයෙහි පළමුව අග දෙසුම් අසා පළමුව ම අමාම නිවන් දුටුසේකැ යි දතයුතු.

මෙසේ බුදුන් එහි වසන කල සුජාතා නම් සිටු දුව වැදූ බරණැස යස නම් සිටු පුත්‍රයාණෝ තුන් සෘතුවට කළ තුන්පායෙහි නළුවන් පිරිවරා උඩුමාලෙන් යටිමාලට නොබැස මහත් වූ ශ්‍රී විඳිනාහු, එක් දවසෙක නිදා පිබිද නාටක ස්ත්‍රීන්ගේ විකාර දැක අනිත් ලකුණු උපදවා සසර කලකිරී එ විගස ම යහනින් නැගී රුවන් මිරිවැඩි පයින් ගෙන ගොස් පායෙන් බැස නුවරින් නික්ම ගොස් මැදයම් රෑ බුදුන් වසන ඉසිපතන වෙහෙර සමීපයෙන් යෙති. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඔහු යන්නවුන් දිවසින් දැක කතර ගොස් එන පුතකු පෙරමගට දිවන මවක සේ ඔහු පෙරමගට මහත් වූ කරුණාවෙන් වැඩ, අඳුරට මහත් වූ පානක් නගා පෑවා සේ බුදුරස් කඳක් ඔහු කරා හැර මග අලුකොට ලා ‘මෙසේ මා කරා එයි යසැ’යි වදාළ සේක. ඒ සිටුපුත් බුදුන්ගේ ශබ්දය කණ හුනු වේලෙහි බුදුන් දිසාව බලා, තමාගේ රසින් දිලිහී පෙනෙන හිරු මඬලක් සේ බුදු රස් දිලියෙන බුදුන් දැක පිපාසිතයක්හු දුටු ආකාශ ගඞ්ගාව සේ, පෙනී ගිය දුගියකු මහා නිධානයක් සේ, දුටු දිව්‍යයකු සුධා භෝජනයක් සේ, දුටු ඇතකු මහපියුම් විලක් සේ, හිරුරස් දුටු මහා පද්මයක් සේ, සන්තෝෂ ව පස්වනක් ප්‍රීතීන් පිනා දෙනක කරා දිවන වසුපුත් පැටවකු සේ, බුදුන් කරා දිව පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව සිට බණ අසා එ කෙණෙහි ම සෝවාන් ව ඒහි භික්‍ෂුභාවයෙන් මහණ වූහ.

දෙවන දා උදාසන ඒ සිටාණන් පිය වූ බරණැස් සිටාණෝ පුතණුවන් මතුමාලේ නො දැක රෑ පලා ගියහ යි අසා මහත් වූ ශෝකයෙන් හඬ හඬා පුතණුවන් පලාගිය මග දැක රන්මිරිවැඩි සලකුණෙන් මග නො වරදවා ගොස් මහණව සිටි පුතණුවන් හා ලොවුතුරා බුදුන් දැක පුතණුවන් කෙරෙහි ශෝකයෙන් වලපනට පටන් ගත්හ.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ ගිනි කඳෙක හැල්පැන් [2]නමන්නා දේ දේශනා නමැති අමාදියෙන් සිටාණන්ගේ ශෝක නමැති මහ ගිනි නිවා වදාළ සේක. එ කෙණෙහි සිටාණෝ සෝවාන් වූහ. ඒ බණ වදාරණ වේලෙහි පුතණුවන් වහන්සේ රහත් වූ සේක. ඉක්බිත්තෙන් සිටාණන් ගිය කල්හි ඒ යස නම් ස්වාමීන්ගේ ගිහි යහළුවෝ සූපණස් දෙනෙක් යහළුවාණන් මහණ වූ බව අසා ‘අප යහළුවා අප කීවක් කෙරේයයි, ඔහු සිවුරු හරවාගෙන කෙළියට ගෙන එම්හ’යි වාසි කියා සුදු පිළි ගෙන ගොස් සන්හුන් ගුණෙන් සිටි තෙරුන් වහන්සේගේ උපසමය හා බුදුන්ගේ රූසිරි දැක ‘අප යහළුවා ගිහිගෙයි වසන කලට වඩා දැන් ඔහුගේ මහණ වෙස ම ඉතා හොබනේ ම ය. සඳුට අනුවූ ගුරු තරුව සේ ඉතා හොබනේ ය. උතුමකු කෙරේ මහණ විය. අප යහළුවා ලද සිරි අපටත් වී නම් යෙහෙකැයි’යි සිත සිතා බුදුන් වැඳ එකත්පස්ව සිටියහ. බුදුහු ඔවුන්ගේ චරිත බලා බණ වදාරා අමා මහ නිවන් දක්වා දක්‍ෂිණ ශ්‍රී හස්තය දිගුකොට “එථ භික්ඛවෙ” යනාදීන් වදාරා සෘද්ධිමය වූ පාත්‍ර සිවුරු දී ඒ සූපණස් දෙනා මහණ කළසේක.

  1. හමනිනා සේ.

  2. හමනිනා සේ.