පච්චයානුලෝමවාරයට අනතුරුව පච්චය පච්චනීයවාරය වදාළ සේක. එ ද විභඞ්ගවාර සඞ්ඛ්‍යාවාරවශයෙන් දෙවැදෑරුම් වේ. එයින් විභඞ්ගවාරය පළමු කො ටවදාළ සේක. එහි ද නහේතුපච්චය විභඞ්ගවාරාදි වශයෙන් වාර විස්සක් ඇත්තේ ය. එයින් න හේතුපච්චයා විභඞ්ගවාරය පළමු කොට වදාළ සේක. එහි ද අකුශලපදවාරය ය, අබ්‍යාකතපදවාරය ය, අකුශලාබ්‍යාකතපදවාරය ය යි වාර තුනක් ඇත්තේ ය. එයින් අකුශලපදවාරය පළමු කොට වදාළ සේක. ඒ මෙසේ ය. “අකුසලං ධම්මං පච්චයා -පෙ- විචිකිච්ඡාසහගතෙ උද්ධච්චසහගතෙ ඛන්‍ධෙ පච්චයා විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො” පටිච්චවාරයෙහි මෙන් අභිධෙය ගන්නේ ය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි රූපවාරයන්හි අභිධෙය පටිච්චවාරයෙහි මෙන් ගන්නේ ය. “චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං” යනාදි වස්තුරූපයන් කර්‍මත්‍වයෙන් සිටින තන්හි කර්‍තෘපාඨයෙන් අතීතභවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා චක්ෂුර්විඥානද්වය ය, සර්‍වචිත්තසාධාරණ චෛතසික සතය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය. -පෙ- කායවිඥානද්වය ය, සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත ප්‍රථම භවාඞ්ගාදි අහේතුක විපාක අහේතුකක්‍රියාචිත්තයෝ ය, ඡන්‍දවර්ජිත අන්‍යසමාන චෛතසික දොළොස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්.
අබ්‍යාකතෙන අකුසලයෙහි “වත්‍ථුං පච්චයා විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො” කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තයන් හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත දෙසිතෙහි මෝහය ලැබේ.
අකුසලාබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත දෙසිතය චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා වූ විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත දෙසිතෙහි මෝහය ලැබේ.
න හෙතුවිභඞ්ගවාරය නිමි.
නාරම්මණවිභඞ්ගයෙහි වාර පස ම පටිච්චවාරයෙහි මෙනි. නාධිපති විභඞ්ගවාරයෙහි කුසලපදයේ වාර තුන ද අකුසලපදයේ වාර තුන ද අබ්‍යාකතපදයෙහි ප්‍රවෘත්ති රූපවාර දෙක ද පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූපය කර්‍මය වන තන්හි “චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං, -පෙ- වත්‍ථුං පච්චයා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්‍ධා” කර්‍තෘපාඨයෙන් අතීත භවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්ෂුර්වස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චක්ෂුර්විඥානද්වය ය, සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, -පෙ- කාය විඥානද්වය ය, සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහා ක්‍රියා සිත් අට ය නියතයෙන් අධිපති ලැබෙන මහද්ගත ක්‍රියා නවය ය ඵලසිත් සතරය යන මොවුන්ගේ අධිපති ධර්‍මයෝ ය, අධිපති ප්‍රත්‍යය නො ලැබෙන අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත ලෞකිකවිපාක අටොළොස ය කාමක්‍රියා එකොළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්.
අබ්‍යාකතෙන කුශලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහා කුසල් අට ය නියතයෙන් අධිපති ලැබෙන මහද්ගතලෝකෝත්තර කුශලයෝ ය මොවුන් ගේ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද, නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්.
අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය ද්වේෂමූල සිත් දෙකය විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන මොවුන් ගේ අධිපති ධර්‍මයෝ ය. අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්.
අබ්‍යාකතෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් සිත් අට ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය ඔවුන් විසින් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා නිරාධිපතිචිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. (මෙහි අධිපතිධර්‍මයෝ නො ගනු ලැබෙත්.)
අබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.
කුසලාබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුශල් සිත් අටය, සැම කල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශලයෝ ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා වූ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුශල් අට ය චෛතසික අටතිස ය යන මොවුන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා වූ කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ‘අබ්‍යාකතො’ යන කර්‍තෘපාඨයේ අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. “කුසලො ච අබ්‍යාකතො ච” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය නාමස්කන්‍ධයන් හා මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.
අකුසලාබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූලසිත් අටය ද්වේෂමූල දෙසිත ය විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්.
අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි පටිච්චවාරයෙහි මෙන් රූපයන් ගන්නේ ය. අකුසලාබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාවන -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් හා මහාභූතයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.
නාධිපති විභඞ්ගය නිමි.
න අනන්තර න සමනන්තර න අඤ්ඤමඤ්ඤ න උපනිස්සය විභඞ්ග වාර පස පටිච්චවාරයෙහි මෙනි. න පුරේජාත විභඞ්ගවාරයෙහි වාර සත ද පටිච්චවාරයෙහි මෙනි. න ආසේවන විභඞ්ගවාරයෙහි කුසලපදයේ වාර තුන හා අකුසලපදයේ වාර තුන ද අබ්‍යාකතපදයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි රූප වාර තුන ද පටිචච්වාරයෙහි මෙනි. “චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං -පෙ- වත්‍ථුං පච්චයා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතං ඛන්‍ධා” යන වස්තුරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් අතීතභවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චක්ෂුර්විඥානද්වය ය, සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය -පෙ- කායවිඥානද්වය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්‍ජනද්වය ය, අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත විපාක සිත් දෙවිස්සය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයො ය යන මොවුහු ලැබෙත්.
අබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදීන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා මහාකුශල ප්‍රථමජවනයෝ ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.
අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදීන් හා ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනාවූ දොළොස් අකුසලයන්ගේ ප්‍රථමජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.
අබ්‍යාකතෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදීන් හා ද චුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා ද උපදනා හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා මහාකුශල ප්‍රථමජවනයෝ ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.
අබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන -පෙ- පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ අකුසල ප්‍රථම ජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන ඔවුන් විසින් උපදවන මහාභූතයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්.
කුසලාබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි මහාකුශල ප්‍රථම ජවනයෝ ය. චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා වූ මහාකුශල ප්‍රථම ජවනයෝ ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය පටිච්චවාරයෙහි මෙනි. කුසලාබ්‍යාකතෙන කුසලාබ්‍යාකතයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි මහාකුශල ප්‍රථමජවනයෝ ය චෛතසික අටතිස ය යන අවයවනාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා වූ මහාකුශල ප්‍රථම ජවනයෝ ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් හා මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්.
අකුසලාබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අකුශල ප්‍රථම ජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා වූ ද්වාදශකුශල ප්‍රථම ජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්.
අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි පටිච්චවාරයෙහි මෙනි. අකුසලාබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශල ප්‍රථමජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය ද ව්‍යවස්ථාපන -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා අකුශලප්‍රථමජවනයෝ ය චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් හා මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්.
නාසේවන විභඞ්ගය නිමි.
න කම්ම විභඞ්ගයෙහි කුශලාකුශල දෙපදය පටිච්චවාරයෙහි මෙනි. අබ්‍යාකත පදයෙහි ප්‍රවෘත්ති වාර රූපවාර දෙකද පටිච්ච වාරයෙහි මෙනි. වස්තුරූපවාරයෙහි භවාඞ්ගොපච්ඡේදාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනාවූ චුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා වූ හෘදය වස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ ක්‍රියා සිත් විස්සෙහි ඇති චේතනාවෝ ලැබෙත්.
අබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ එක්විසි කුසල චිත්තයන්හි ඇති චේතනාවෝ ලැබෙත්.
අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාර්වර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ දොළොස් අකුසල චිත්තයන්හි චේතනාවෝ ලැබෙත්.
කුසලාබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්සය චේතනාවර්ජිත චෛතසික සත්තිසය යන අවයවවූද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද, ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා වූ එක් විසි කුසලයන්හි චේතනාවෝ ලැබෙත්. “කුසලෙ ඛන්‍ධෙ ච වත්‍ථුං ච පච්චයා කුසලා චෙතනා”
අකුසලාබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අකුසල්සිත් දොළොසය චේතනා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද, ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා දොළොස් අකුසල චිත්තයන්හි ඇති චේතනාවෝ ලැබෙත්.
න කම්ම විභඞ්ගය නිමි.
න කම්මයෙහි කුශලාකුශල දෙපදයේ වාර සය සහජාතයෙහි මෙනි. අබ්‍යාකත පදයෙහි ප්‍රවෘත්තිවාර රූපවාර දෙක පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූපවාරයෙහි “වත්‍ථුං පච්චයා කිරියාබ්‍යාකතං ඛන්‍ධා” කර්‍තෘපාඨයෙන් භවාඞ්ගොපච්ඡෙදාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ ක්‍රියාසිත් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. (වෙනස ඇත්තේ මේ අබ්‍යාකතපදාවසානවාරයෙහි පමණෙකි. ඉතිරි වාර සොළොස ම සහජාතය මෙනි.)
න ආහාර න ඉන්‍ද්‍රිය දෙක පටිච්චවාරයෙහි මෙනි. වෙනසක් ඇත්තේ අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ය. න ඣානයෙහි “පඤ්චවිඤ්ඤාණං සහගතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා, බාහිරං -පෙ- අසඤ්ඤසත්තානං -පෙ- රූපං, චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං” ප්‍රවෘත්ති රූපවාර දෙක පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් අතීතභවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්ෂුර්වස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චක්ෂුර්විඥානද්වය ය, සර්‍වචිත්ත සාධාරණ චෛතසික සතය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, -පෙ- කායවිඥානද්වය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. න මග්ග විභඞ්ගය ද පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූපවාරය කර්‍මය වන තන්හි හේතුවිභඞ්ගයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. න සම්පයුත්ත විභඞ්ගය ද පටිච්චවාරයෙහි මෙනි. එහි වාර පසෙකි, න විප්පයුත්ත විභඞ්ගය ද පටිච්චවාරයෙහි මෙනි. එහි වාර තුනෙකි. නො නත්‍ථි නො විගත දෙක ද පටිච්චවාරයෙහි මෙනි. වාර පස බැගින් ඇත්තා හ.
විභඞ්ගවාරය නිමි.