විපාක විභඞ්ගය

star_outline

විපාකප්‍රත්‍යයෙහි එක් විභඞ්ග වාරයෙකි. ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිරූපවාරයන්හි අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් අතීතභවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා චක්‍ෂුර්විඥානද්වය ය සර්‍වචිත්ත සාධාරණ චෛතසික සතය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, -පෙ- කායවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා කායවිඥානද්වය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ ද පඤ්චවෝකාර භූමියෙිහ උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත විපාකසිත් දෙවිස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. විපාකවිභඞ්ගය නිමි.