කම්මවිභඞ්ගයෙහි කුසලාකුසල දෙපදයේ වාර සය පටිච්චවාරයෙහි මෙනි. අබ්‍යාකතපදයෙහි ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධිරූප වාරතුන ද පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූපවාරයෙහි අභිධෙය ක්‍රියා චේතනාව හැර ආරම්මණයෙහි මෙන් ගන්නේ ය.
අබ්‍යාකතෙන කුසලයෙහි චේතනාව හැර ආරම්මණයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. අබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතය යන දෙතන්හි ම චේතනාව හරිනු. කුසලාබ්‍යාකතෙන කුසලය, කුසලාබ්‍යකතෙන අබ්‍යාකතය, කුසලාබ්‍යාකතෙන කුසලාබ්‍යාකතය යන තුන් වාරය ද අකුසලාබ්‍යාකතයෙහි තුන්වාරය ද චේතනාව හැර විස්තර කරනු. කම්මවිභඞ්ගය නිමි.