ආහාරාදි විභඞ්ගයෝ

star_outline

ආහාර විභඞ්ගයෙහි වාර සතොළොසෙකි. සහජාතය මෙනි. ඉන්‍ද්‍රිය විභඞ්ගය ද එසේ ය. ධ්‍යානවිභඞ්ගයෙහි ද වාර සතොළොසෙකි. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ද්විපඤ්චවිඥානය හැර අභිධෙය ගැනීම පමණක් එහි ඇති වෙනස ය. මාර්‍ගවිභඞ්ගය හේතුවිභඞ්ගය මෙනි. මෝහමූලද්වයෙහි මෝහය නොහල යුතුය. සම්පයුත්ත විභඞ්ගය ද ආරම්මණ විභඞ්ගය මෙනි. විප්පයුත්ත විභඞ්ගයෙහි සහජාතයට වෙනස අවසානයෙහි “වත්‍ථුං විප්පයුත්තපච්චයා” යනු යෙදී තිබීම පමණෙකි. වස්තු රූපවාරය සහජාතය මෙන් ද ඉතිරි තැන් පටිච්චවාරය අනුව ද විස්තර කරනු. අත්‍ථිවිභඞ්ගය ද සහජාතය මෙනි. නත්‍ථිවිභඞ්ගය ආරම්මණය මෙනි.

විභඞ්ගවාරය නිමි.