කුසලාකුසල දෙපදය පටිච්චවාරයෙහි මෙනි. අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයේ අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. වස්තු රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රථමජවනාදි පූර්‍වපූර්‍ව චිත්තය හා උපන් හෘදය වස්තුව හා මරණාසන්නකාලයෙහි චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්ය හා උපන් හෘදය වස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත ක්‍රියා නවය ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.
අබ්‍යාකතෙන කුසලයෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් ප්‍රථමජවනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද මරණාසන්නකාලයෙහි චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන්නා වූ ද හෘදය වස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ මහාකුශලද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුසල් නවය ය මාර්‍ගසිත් සතරය චෛතසික අටතිස ය යන නාමස්කන්‍ධයෝ ලැබෙත්.
අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රථමජවනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ අකුශලද්විතීයාදිජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.
කුසලාබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි මහාකුශලද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල නවය ය මාර්‍ගසිත් සතර ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද, ප්‍රථමජවනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදය වස්තු පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා වූ ද මහාකුශලද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල නවය ය මාර්‍ගසිත් සතර ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්.
අකුසලාබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවහෙි අකුශලද්විතීයාදි ජවනයෝ ය, චෙතෙසික සත්විස්ස ය යන අවයවනාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍ය කොට ද ප්‍රථමජවනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ ද අකුශලද්විතීයාදිජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. ආසේවන විභඞ්ගය නිමි.