අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සයය පුරේජාත විභඞ්ග

star_outline

අඤ්ඤමඤ්ඤ විභඞ්ගයෙහි වාර සතෙකි. ආරම්මණවිභඞ්ගය අනුව විස්තර කරනු. නිස්සය විභඞ්ගයෙහි වාර සතොළොසෙකි. සහජාතය මෙනි. උපනිස්සයවිභඞ්ගයෙහි වාර සතෙකි. ආරම්මණය මෙනි.

පුරේජාතවිභඞ්ගයෙහි “කුසලං -පෙ- වත්‍ථුං පුරේජාත පච්චයා” පටිච්චවාරය අනුව විස්තර කරනු. අකුසලපදවාරය ද එසේ විස්තර කරනු.

“අබ්‍යාකතං -පෙ- වත්‍ථුං පුරෙජාතපච්චයා, චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායායතනං පච්චයා කාය විඤ්ඤාණං, වත්‍ථුං පච්චයා විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං ඛන්‍ධා වත්‍ථුං පුරේජාත පච්චයා” ප්‍රවෘත්තිකාලයෙහි අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූප වාරයෙහි ආරම්මණයෙහි මෙනි. අබ්‍යාකතෙන කුසල ය අබ්‍යාකතෙන අකුසලය යන දෙවාරය ආරම්මණය මෙනි. අවසානයෙහි “වත්‍ථුං පුරේජාතපච්චයා” යි යෙදීම ම වෙනස ය.