අධිපති විභඞ්ගය

star_outline

ආරම්මණප්‍රත්‍යය විභඞ්ගවාරයට අනතුරුව අධිපතිප්‍රත්‍යය විභඞ්ගවාරය වදාළ සේක. එහි ආදිපද පසෙකි. අවසානපදයන් ගේ වශයෙන් වාර සතොළොසෙකි. හේතුවිභඞ්ගයෙහි මෙනි. කුශලාකුශල දෙපදයේ වාර සය පටිච්චවාරයෙහි මෙන් අභිධෙය අවුලා විස්තර කරනු. පටිචච්වාරයෙහි දී “නිසා උපදනා ධර්‍මයෝය” කියන තැන මෙහි “සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා ධර්‍මය” යි කීම පමණක් වෙනස ය.

අබ්‍යාකතපදයෙහි අබ්‍යාකතපදාවසානවාරයෙහි ප්‍රවෘත්ති වාර රූපවාර දෙක පටිච්චවාරය අනුව විස්තර කරනු. “වත්‍ථුං පච්චයා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්‍ධා” යන වස්තුරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය කොට උපදනා පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත මහා ක්‍රියා අට ය, සැමකල්හි අධිපති ලැබෙන මහද්ගතක්‍රියා නවය ය, ඵලසිත් සතර ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.

කුසලපදාවසානවාරයෙහි (වත්‍ථුං පච්චයා කුසලා ඛන්‍ධා) කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍වචිත්තයන් හා උපදනා වූ ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදය වස්තුව පුජොත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත මහා කුසල් සිත් අට ය, සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශලයෝ ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.

අකුසලපදාවසානවාරයෙහි (වත්‍ථුං පච්චයා අකුසලා ඛන්‍ධා) කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- උපදනා වූ ද හෘදය වස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ ද පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත ලෝභමූල ද්වේෂමූල සිත් දසය ය, විචිකිච්ඡාවර්ජිත චෛතසික සවිස්සය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.

කුසලාබ්‍යාකතපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත මහාකුසල් සිත් අට ය සැමකල්හි අධිපති ලැබෙන මහද්ගතලෝකෝත්තර කුශල නවය ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය. ඔවුන් විසින් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා සාධිපති චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්.

අකුසලාබ්‍යාකතපදාවසානවාරයෙහි (වත්‍ථුං පච්චයා අකුසලා ඛන්‍ධා) කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත ලෝභමූල සිත් දෙකය ද්වේෂමූල සිත් දෙකය විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය ඔවුන් විසින් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා සාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.

කුසලාබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත කුශල නවය ය මාර්‍ගසිත් සතර ය චෛතසික අටතිස ය යන නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා වූ අධිපතිධර්‍ම වර්ජිත වූ මහාකුසල් අට ය සැම කල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශලයෝ ය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය පටිච්චවාරයෙහි මෙනි.

කුසලාබ්‍යාකතෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත කුසල් නවය ය ලෝකෝත්තර කුසල් සතර ය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන -පෙ- හෘදය වස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා වූ අධිපතිධර්‍මවර්ජිත මහා කුසල් අට ය සැමකල්හි අධිපතිප්‍රත්‍යය ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුසලයෝ ය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා සාධිපති චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්.

අකුසලාබ්‍යාකතෙන අකුසලයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල සිත් අට ය, ද්වේෂමූල සිත් දෙකය චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල චිත්තයෝ ය චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්.

අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. අකුසලාබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය ද්වේෂමූල දෙසිත ය චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල සිත් අට ය ද්වේෂමූල දෙසිත ය චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය ඒ නාමස්කන්‍ධයන් විසින් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. අධිපති විභඞ්ගවාරය නිමි.