න කම්මවිභඞ්ගවාරයෙහි “කුසලං -පෙ- න කම්ම පච්චයා, කුසලෙ ඛන්‍ධෙ පටිච්ච කුසලා චෙතනා” කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය, චේතනා වර්ජිත චෛතසික සත්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. හේතුපාඨයෙන් කර්‍මප්‍රත්‍යයෙන් අන්‍ය වූ හේතු ආරම්මන ආදීන් ගේ ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. ස්කන්‍ධවාර පසළොසකි.
‘අකුසලං -පෙ- අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච අකුසලා චෙතනා’ අකුසල් දොළොස ය, චේතනා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අකුශල චේතනා ලැබෙත්.
අබ්‍යාකතයෙහි “කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කිරියාබ්‍යාකතා චෙතනා බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං -පෙ- මහාභූතෙ පටිච්ච උපාදාය රූපං” ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ක්‍රියාසිත් විස්ස ය චේතනා වර්ජිත චෛතසික සූතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාවෝ ලැබෙත්. රූපවාරයෙහි බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ බාහ්‍යාදි උපාදාය රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සහජාත, නිස්සය, රූපාහාර, සහජාතනත්‍ථි, සහජාත අවිගත යන ප්‍රත්‍යය ශක්තීහු ලැබෙත්.
න කම්ම විභඞ්ගය නිමි.