න විපාකයෙහි විභඞ්ගවාර නවයෙහි කුසලාකුසල දෙපදයේ වාර සය සහජාතය අනු ව විස්තර කරනු. හේතුපදයන් ගේ අභිධෙය ගැනීමේදී විපාක පස හරිනු. අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්ති කාලයේ කර්‍තෘපාඨයෙන් ක්‍රියාසිත් විස්ස ය, චෛතසික පන්තිස ය, යන අවයව -පෙ- නාමස්කන්‍ධයන් හා ක්‍රියා චිත්තජරූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරය නො ලැබේ. රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය, බාහ්‍ය මහාභූතයෝ ය, ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ ඒ ඒ උපාදායරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් හේතු, සහජාත, අධිපති ආදි ශක්තීහු යෙදෙන පරිද්දෙන් ලැබෙත්.
න විපාක විභඞ්ගය නිමි.