(10. න ආසේවන)

star_outline

න අසේවනයෙහි විභඞ්ග නවය අනුලෝමයේ සහජාත විභඞ්ගය අනුව උදුරනු. කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් මහාකුශල ප්‍රථමජවනයෝ ය, චෛතසික අටතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ආසේවනයෙන් අන්‍ය හේතුසහජාතාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්.

කුසලෙන අබ්‍යාකතය නාරම්මණය මෙන් විස්තර කරනු. කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි මහාකුශල ප්‍රථමජවනයෝ ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයන් හා ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය උදුරනු.

අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් දොළොස් අකුශලයන් ගේ ප්‍රථම ජවනයන් හා චෛතසික සත්විස්ස ලැබෙත්. අකුසලෙන අබ්‍යාකතය නාරම්මණය මෙනි. අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි අකුශල ප්‍රථමජවනයන් හා චිත්තජ රූපයෝ ලැබෙත්.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජනද්වය ය විපාකසිත් සතිසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ය, ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ය, පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය මහද්ගත ක්‍රියා නවය ය, චෛතසික පන්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. පටිසන්‍ධිවාර රූපවාර දෙක්හි අභිධෙය සහජාතය මෙනි. ඉතිරි විභඞ්ගවාර දෙක නාරම්මණය මෙන් විස්තර කරනු. හේතුපදාභිධෙය ගැනීමේදී ආසේවනය හරිනු.