න උපනිස්සය විභඞ්ගය නාරම්මණ විභඞ්ගය සේ විස්තර කරනු. හේතුපාඨයේ අභිධෙය ගැනීමේ දී උපනිඃශ්‍රයප්‍රත්‍යය හරිනු.
න පුරේජාතයෙහි “කුසලං -පෙ- න පුරෙජාතපච්චයා, අරූපෙ කුසලං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා” කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි මහාකුසල් අට ය, අරූපකුසල් සතර ය, උපරිමමාර්‍ග තුන ය, චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් පුරේජාත ශක්තියෙන් අන්‍ය වූ හේතුසහජාතාදි වූ ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. කුසලෙන අබ්‍යාකතය න ආරම්මණය මෙනි.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ලෝභමූල සිත් අටය, මෝහමූල සිත් දෙක ය, චෛතසික තෙවිස්ස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් පුරේජාතයෙන් අන්‍ය වූ හේතුආරම්මණාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. අකුසලෙන අබ්‍යාකතය න ආරම්මණය මෙනි.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි “අරූපෙ විපාකාබ්‍යාකතං -පෙ- ඛන්‍ධා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” ප්‍රතිසන්‍ධිකාලය හා රූපවාරය ආරම්මණයෙහි මෙනි. ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මනෝද්වාරාවර්ජනය ය, මහාක්‍රියා අට ය, අරූප ක්‍රියා සතර ය, ඵලසිත් සතරය, චෛතසික සතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ය පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාකසිත් දෙවිස්ස ය, ක්‍රියා සිත් විස්ස ය. චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. හේතුපාඨයෙන් පුරේජාතයෙන් අන්‍ය වූ හේතු ආරම්මණ අධිපති ආදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. පටිසන්‍ධිකාලයේ හා රූප වාරයේ අභිධෙය සහජාතයෙහි මෙනි. හේතුපාඨයේ අභිධෙය පුරේජාතය හැර ගත යුතු ය.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ද නාරම්මණය සේ විස්තර කරනු.
න පුරේජාතය නිමි.