(6. න අඤ්ඤමඤ්ඤ)

star_outline

න අඤ්ඤමඤ්ඤයෙහි කුසලඅකුසලපදවාරයන් නාරම්මණය සේ විස්තර කරනු. “අබ්‍යාකතං -පෙ- න අඤ්ඤමඤ්ඤ පච්චයා විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං. පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං මහාභූතෙ පටිච්ච උපාදාය රූපං -පෙ- අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච කටත්තාරූපං, උපාදායරූපං.” කර්‍තෘපාඨයෙහි ප්‍රවෘත්තිකාලයේ අභිධෙය නාරම්මණය අනුව ගන්නේ ය. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරප්‍රතිසන්‍ධි පසළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා හෘදයවස්තුවෙන් අන්‍ය කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. හේතු පාඨයෙන් අන්‍යොන්‍යශක්තියෙන් අන්‍ය වූ හේතු සහජාතාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක ද්විපඤ්ච විඤ්ඤාණ අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලා කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජමහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය බාහිර මහාභූතයෝ ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ උපාදායරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අන්‍යෝන්‍යප්‍රත්‍යයෙන් අන්‍ය වූ හේතු සහජාත අධිපති ආදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. කුසලාබ්‍යාකත අකුසලාබ්‍යාකත දෙපදය නාරම්මණය අනුව විස්තර කරනු.