න ආරම්මණප්‍රත්‍යය විභඞ්ගයට අනතුරු ව -පෙ- වදාළ සේක. විභඞ්ගය උදුරනු. ‘කුසලො’ යන කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය, සැම කල්හි අධිපති ලැබෙන මහද්ගත කුසල් නවය හා මාර්‍ගසිත් සතර ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ මහාකුසල් අට ය, චෛතසික අටතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ‘න අධිපති පච්චයා’ යන හේතුපාඨයෙන් අධිපති ශක්තියෙන් අන්‍ය වූ හේතු ආරම්මණ අනන්තරාදි ශක්තීහු ලැබෙත්. (නො ලැබෙන්නේ අධිපති විපාක පච්ඡාජාත තුන පමණෙකි.)
කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපති ශක්තියෙන් අන්‍ය වූ හේතු සහජාතාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. නාරම්මණ හේතු පාඨය අනුව විස්තර කරනු.
කුසලාබ්‍යාකත පදාවසාන වාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපති ශක්තියෙන් අන්‍ය වූ සුදුසු පරිදි ලැබෙන හේතු ආරම්මණ අනන්තර සහජාතාදි ශක්තීහු ලැබෙත්.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල අට ය, ද්වේෂමූල සිත් දෙක ය, විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපති විපාක පශ්චාජ්ජාත ශක්තීන් ගෙන් අන්‍ය වූ ප්‍රත්‍යය ශක්තිය එක්විස්ස ලැබේ.
අකුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපතිශක්තියෙන් අන්‍ය වූ හේතුසහජාතාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්.
“අකුසලො ච අබ්‍යාකතො ච” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ද ලැබෙත්. හේතුපාඨයෙන් අධිපති ශක්තියෙන් අන්‍ය වූ හේතු ආරම්මණ අනන්තරාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා අටය සැම කල්හි අධිපති ලැබෙන මහද්ගත ක්‍රියා ලෝකෝත්තරඵල චිත්තයෝ ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නොලැබෙන අවස්ථාවෙහි අහේතුකක්‍රියා මහාක්‍රියා ලෞකිකවිපාකයෝ ය චෛතසික පන්තිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන නිරාධිපති චිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපතිශක්තියෙන් අන්‍ය වූ හේතු ආරම්මණ අනන්තරාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි සහජාතයෙහි මෙන් ප්‍රතිසන්‍ධිසිත් එකුන්විස්ස හා කෘතත්‍වාත් රූපයන් ගන්නේ ය. හේතුපාඨයෙන් සුදුසු පරිදි හේතු ආරම්මණ අනන්තරාදි ශක්තීන් ගන්නේ ය. පුරේජාත පච්ඡාජාත ආසේවන අධිපතීහු නො ලැබෙත්. රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත නිරාධිපති කුශලා කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාරප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහා භූතයෝ ය, බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ චිත්තජාදි උපාදායරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපතිප්‍රත්‍යයෙන් අන්‍ය වූ හේතු සහජාතාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා උපදනා නිරාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපති ශක්තියෙන් අන්‍ය වූ හේතු සහජාතාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්.
අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා උපදනා නිරාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අධිපතිශක්තියෙන් අන්‍ය වූ හේතුසහජාතාදි ශක්තීහු සුදුසු පරිදි ලැබෙත්.
නාධිපති විභඞ්ගය නිමි.