න ඣාන විභඞ්ගවාරයෙහි “අබ්‍යාකතං -පෙ- න ඣාන පච්චයා පඤ්චවිඤ්ඤාණසහගතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං -පෙ- උපාදායරූපං” ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ද්විපඤ්චවිඥානය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. රූපවාරයෙහි බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සහජාත, සහජාතනිස්සය, නානාක්ඛණිකකම්ම, ආහාර, රූපජීවිතේන්‍ද්‍රිය, සහජාතත්‍ථි, සහජාතඅවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ලැබේ. න ඣානය නිමි.