(13. න ආහාර)

star_outline

න ආහාරයෙහි “අබ්‍යාකතං -පෙ- අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න ආහාර පච්චයා, බාහිරං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච -පෙ- උපාදාය රූපං” කර්‍තෘපාඨයෙන් බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ ඒ ඒ උපාදායරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සහජාත, සහජාත නිස්සය, නානාක්ඛණික කම්ම, රූපජීවිතේන්‍ද්‍රිය, සහජාතනත්‍ථි, සහජාත අවිගත යන ශක්ති සය සුදුසු පරිදි ලැබේ.

න ආහාරය නිමි.