පඤ්චකාදි වාරයෝ

star_outline

චතුක්කවාරයට අනතුරු ව පඤ්චකවාරය වදාළ සේක. එහි හේතුආරම්මණ අධිපති අනන්තර මූලක සමනන්තර පඤ්චකාදි වශයෙන් වාර එකුන්විස්සක් ඇත්තේ ය. එයින් සමනන්තර පඤ්චකය පළමු කොට වදාළ සේක. චතුක්කයන් අනුව විස්තර කරනු. වෙනසක් නැත.

පඤ්චකවාරය නිමි.

පඤ්චකවාරයට අනතුරු ව ඡක්කවාරය වදාළ සේක. එහි හේතු ආරම්මණ අධිපති අනන්තර සමනන්තර මූලක සහජාත ඡක්කාදි වසයෙන් වාර අටළොසක් ඇත්තේ ය. එයින් සහජාත ඡක්කය පළමුකොට වදාළ සේක. චතුක්කයන් සේ විස්තර කරනු.

ඡක්කවාරය නිමි.

ඡක්කවාරයට අනතුරු ව සත්තකවාරය වදාළ සේක. එහි ද හේතුආරම්මණ අධිපති අනන්තර සමනන්තර සහජාත මූලක අඤ්ඤමඤ්ඤ සත්තකාදි වශයෙන් වාරසතළොසක් ඇත්තේය, එයින් අඤ්ඤමඤ්ඤ සත්තකය පළමු කොට වදාළ සේක. එහි සහජාත අඤ්ඤමඤ්ඤදුකසුද්ධිය කරනු. මූලප්‍රත්‍යය සය බැහැර කිරීමක් නැත. අඤ්ඤමඤ්ඤය බැහැර කිරීමක් නැත. පච්චනීය ය ද නැත. අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි අධිපති ධර්ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’ නිස්සයසත්තක උපනිස්සය සත්තකයන්ගේ වෙනසක් නැත.

පුරේජාත සත්තකයෙහි දුකය ශුද්ධ කරනු. මූල සය බැහැර කිරීමක් නැත. අරූපභූමියෙහි අධිපති ලබන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. පච්චනීයය නො ලැබේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිධර්‍ම වර්ජිත සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

ආසේවන සත්තකයෙහි සහජාත ආසේවන සුද්ධිය කරනු. සය බැහැර කිරීමක් නැත. අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවන ලෝකෝත්තරඵලජවන නාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. ‘තීණි’ පච්චනීය නැත. අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය මහද්ගත කුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර මාර්‍ගයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

කම්මසත්තකයෙහි දුකය ශුද්ධ කරනු. සය බැහැර නො කෙරේ. සාධිපති කුශලාකුශල ක්‍රියා චේතනාවෝ කම්මය බැහැර කෙරෙති. ‘තීණි’ පච්චනීයය නො ලැබේ. අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා කුශලාකුශල ක්‍රියාචේතනා ද වර්ජිත වූ දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

විපාකසත්තකයෙහි දුකය ශුද්ධ කරනු. සය බැහැර නො කෙරේ. අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත සාධිපති කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ විපාකය බැහැර කෙරෙති. “තීණි” පච්චනීය නො ලැබේ. අධිපති ධර්මවර්ජිත ඵලනාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘එකං’

ආහාරසත්තකයෙහි දුකය ශුද්ධ කරනු. සය බැහැර නොකෙරේ. ආහාරය ද බැහැර නො කෙරේ. පච්චනීයය ද නැත. අධිපතිධර්‍මවර්ජිත සාධිපති ජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයේ ‘තීණි’ ඉන්‍ද්‍රියසත්තකයේ පටන් සම්පයුත්තසත්තකය දක්වා වෙනසක් නැත. විප්පයුත්තසත්තකය පුරේජාතසත්තකය මෙනි. අත්‍ථිසත්තකාදිය ආහාරසත්තකය මෙනි.

සත්තකවාරය නිමි.

සත්තකවාරයට අනතුරු ව අට්ඨකවාරය වදාළ සේක. එහි හේතු ආරම්මණ අධිපති අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤමූලක නිස්සයඅට්ඨකාදි වසයෙන් වාරසොළොසක් ඇත්තේ ය. එයින් නිස්සය අට්ඨකවාරය පළමුකොට වදාළ සේක. ඒවායේ ද වෙනසක් නැත.

අට්ඨකවාරය නිමි.

අට්ඨකවාරයට අනතුරු ව නවකවාරය වදාළ සේක. එහි හේතු ආරම්මණ අධිපති අනන්තරර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය මූලක උපනිස්සය නවකාදි වශයෙන් වාර පසළොසක් ඇත්තේ ය. එයින් උපනිස්සය නවකය පළමු කොට වදාළ සේක. නවකයන්හි සත්තකයන්ට වඩා වෙනසක් නැත.

නවක වාරය නිමි.

නවකවාරයට අනතුරු ව දසවාරය වදාළ සේක. එහි ද හේතු ආරම්මණ අධිපති අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සයමූලක පුරේජාත දසකාදි වසයෙන් වාර තුදුසක් ඇත්තේ ය. එයින් පුරේජාත දසකය පළමු කොට වදාළ සේක. දසකයන් ගේ ද වෙනසක් නැත්තේ ය.

දසකවාරය නිමි.

දසකවාරයට අනතුරුව ඒකාදසක වාරය වදාළ සේක. එහි ද හේතු ආරම්මණය -පෙ- පුරේජාත මූලක ආසේවන ඒකාදසකවාරාදි වශයෙන් වාර තෙළෙසක් ඇත්තේ ය. එයින් ආසේවන ඒකාදසක වාරය පළමු කොට වදාළ සේක. දුකය ශුද්ධ කරනු. දශය බැහැර කිරීමක් නැත. පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහා කුශල මහාක්‍රියා ප්‍රථම ජවන ඵල නාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. ‘තීණි’ පච්චනීයය නො ලැබේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා, ද්විතීයාදිජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර මාර්‍ග චිත්තජරූපයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

කම්ම එකාදසකයෙහි දුක සුද්ධිය කරනු. දශය බැහැර නො කෙරේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි සාධිපති කුශලාකුශල ක්‍රියා චේතනාවෝ කර්‍මය බැහැර කෙරෙති. ‘තීණි’ පච්චනීය නොලැබේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා කුශලාකුශල ක්‍රියා චේතනා ද වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

විපාකඒකාදසකයෙහි දුක සුද්ධිය කරනු. දශය බැහැර නො කෙරේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත සාධිපති කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ විපාකය බැහැර කෙරෙති. ‘තීණි’ පච්චනීය නොලැබේ. පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ඵල නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘එකං’

ආහාර ඒකාදසකයෙහි දුක සුද්ධිය කරනු. දශය බැහැර නො කෙරේ. ආහාරය බැහැර නොකෙරේ. පච්චනීය නො ලැබේ. පඤ්චවෝකාර භූමියෙහි අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’ ඉන්‍ද්‍රිය ඒකාදසකාදිය ආහාර ඒකාදසකය මෙනි. අනුලෝමය පමණක් ලැබේ.

එකා දසකවාරය නිමි.

ඒකාදසකවාරයට අනතුරු ව ද්වාදසකවාරය වදාළ සේක. එහි ද කම්මද්වාදසකාදිවසයෙනව් වාර එකොළොසක් ඇත්තේ ය. එයින් කම්මද්වාදසකය පළමු කොට වදාළ සේක. එහි ආසේවනකම්මදුකය ශුද්ධ කරනු. එකොළොස බැහැර නො කෙරේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයන්හි හා මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තරකුශලයන්හිද ඇති චේතනාවෝ කම්මය බැහැර කෙරෙති. පච්චනීය නො ලැබේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා චේතනා ද වර්ජිත වූ ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය. මහද්ගත කුශලක්‍රියා ලෝකෝත්තරකුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’ (හේතු -පෙ- ආසේවන මූලක විපාකවාරය නො ලැබේ.)

ආහාරද්වාදශකයෙහි දුකසුද්ධිය කරනු. එකොළොස බැහැර නො කෙරේ. ආහාරය ද බැහැර නො කෙරේ. පච්චනීය ද නැත. පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලොභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තරකුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’ ඉන්‍ද්‍රියද්වාදසකාදියෙහි වෙනසක් නැත්තේ ය.

ද්වාදසකවාරය නිමි.

ද්වාදසකවාරයට අනතුරු ව තේරසකවාරය වදාළ සේක. එහි ද හේතු -පෙ- කම්මමූලක ආහාර තේරසකාදි වසයෙන් වාර දශයක් ඇත්තේ ය. එයින් ආහාරතේරසකය පළමු කොට වදාළ සේක. එහි දුකසුද්ධිය කරනු. දොළොස බැහැර නො කෙරේ. ආහාරය ද බැහැර නො කෙරේ. පච්චනීයය ද නො ලැබේ. පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම හා චේතනා ද වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය. මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තරකුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” ඉන්‍ද්‍රිය තේරසකාදියෙහි වෙනසක් නැත්තේ ය.

තේරසකවාරය නිමි.

තේරසකවාරයට අනතුරු ව චුද්දසක වාරය වදාළ සේක. එහි ද හේතු -පෙ- ආහාර මූලක ඉන්‍ද්‍රිය චුද්දසකාදි වසයෙන් වාර නවයක් ඇත්තේ ය. එයින් ඉන්‍ද්‍රියචුද්දසකය පළමු කොට වදාළ සේක. එහි දුකසුද්ධිය කරනු. තෙළෙස බැහැර නො කෙරේ. ඉන්‍ද්‍රිය ය ද බැහැර නො කෙරේ. පච්චනීයය ද නැත්තේ ය. පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා චේතනා ද වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල ද්විතීයාදි ජවන මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර කුශල නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” ඣානචුද්දසකාදියෙහි ද වෙනසක් නැත්තේ ය.

චුද්දසකවාරය නිමි.

චුද්දසකවාරයට අනතුරු ව පන්නරසකවාරය වදාළ සේක. එහි ද හේතු -පෙ- ඉන්‍ද්‍රියමූලක ඣාන පන්නරසකාදි වසයෙන් වාර අටක් ඇත්තේ ය. පන්නරසකවාරයෙහි ද විශේෂයක් නැත්තේ ය.

පන්නරසකවාරය නිමි.

පන්නරසවාරයට අනතුරු ව සොළොසක වාරය වදාළ සේක. එහි ද හේතු -පෙ- ඣාන මූලක මග්ග සෝළසකාදි වසයෙන් වාර සතක් ඇත්තේ ය. චුද්දසකය අනුව විස්තර කරනු.

සෝළසකවාරය නිමි.

සෝළසක වාරයට අනතුරු ව සත්තරසකවාරය වදාළ සේක. එහි හේතු -පෙ- මග්ග මූලක සම්පයුත්තසත්තරසකාදි වශයෙන් වාර සයක් ඇත්තේ ය. සත්තරසක වාරයෙහි ද විශේෂයක් නැත්තේ ය.

සත්තරසකය නිමි.

සත්තරසක වාරයට අනතුරු ව අට්ඨාරස වාරය වදාළ සේක. එහි හේතු -පෙ- සම්පයුත්ත මූලක විප්පයුත්ත අට්ඨාරසකාදි වසයෙන් වාර පසක් ඇත්තේ ය. එහි ද විශේෂයක් නැත්තේ ය.

අට්ඨාරසකය නිමි.

අට්ඨාරසකවාරයට අනතුරු ව එකූනවීසක වාරය වදාළ සේක. එහි හේතු -පෙ- විප්පයුත්ත මූලක අත්‍ථි ඒකූනවීසකාදි වශයෙන් වාර සතරක් ඇත්තේ ය. විශේෂයක් නැත්තේ ය.

එකූනවීසකය නිමි.

එකූනවීසකයට අනතුරු ව වීසක වාරය වදාළ සේක. එහි හේතු -පෙ- අත්‍ථි මූලක නත්‍ථිවීසකාදි වසයෙන් වාර තුනක් ඇත්තේ ය. එහි ද විශේෂයක් නැත. ඒකවිසකයෙහි ද හේතු -පෙ- නත්‍ථි මූලක විගත ඒකවීසකාදි වසයෙන් වාර දෙකක් ඇත්තේ ය. එහි ද වෙනසක් නැත.

වීසකඒකවීසකවාරයෝ නිමියහ.

ඒකවීසකයට අනතුරු ව බාවීසකය වදාළ සේක. එය අවිගත බාවීසක වශයෙන් එක් වාරයෙකි. එක්විස්ස බැහැර කිරීමක් නැත. අවිගතය බැහැර කිරීමක් ද නැත. පච්චනීයය ද නැත. පඤ්චවෝකාර භූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා කුශලාකුශල ක්‍රියා චේතනා ද වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවන මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර කුශල නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” මේ ආසේවන ප්‍රත්‍යය හා විපාක ප්‍රත්‍යයෙහි අනුලෝමය නො ලැබෙන බැවින් විපාක ප්‍රත්‍යය නො ගන්නා ලද පාලි ක්‍රමය ය.

විපාකප්‍රත්‍යය ගන්නා පාලි ක්‍රමයෙන් මෙසේ ය. හේතු -පෙ- පුරේජාත කම්ම විපාක මූලක ආහාරසතේරසකාදි වසයෙන් වාර එකොළොසක් ඇත්තේ ය. එයින් ආහාර තේරසකය පළමු කොට වදාළ සේක. එහි දුක සුද්ධිය කරනු. දොළොස බැහැර කිරීමක් නැත. ආහාරය බැහැර කිරීමක් ද නැත. පච්චනීය ද නැත. පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘එකං’ ඉන්‍ද්‍රිය තේරසකාදියෙහි වෙනසක් නැත.

හේතු -පෙ- විපාක ආහාරමූලක ඉන්‍ද්‍රියචුද්දසකාදියෙහි ද, ඣාන පන්නරසකාදියෙහි ද මග්ගසෝළසකාදියෙහි ද, සම්පයුත්ත සත්තරසකාදියෙහි ද, විප්පයුත්ත අට්ඨරසකාදියෙහිද අත්‍ථි ඒකූනවීසකාදියෙහි ද, නත්‍ථි වීසකාදියෙහි ද විගත ඒකවීසකාදියෙහිද අවිගත බාවීසකාදියෙහිද වෙනසක් නැත්තේ ය. සියල්ලෙහි ම ලැබෙන්නේ පඤ්චවෝකර භූමියෙහි අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයන් ම ය.

හේතුකාදිය නිමි.

හේතුප්‍රත්‍යයා ගේ දුකාදිවාරයට අනතුරු ව ආරම්මණ ප්‍රත්‍යයාගේ දුකාදිවාරය වදාළ සේක. එ ද දුක තික චතුක්ක -පෙ- බාවීසකවාර වසයෙන් දෙවිසි වැදෑරුම් වේ. එයින් දුකවාරය පළමු කොට වදාළ සේක. එ ද ආරම්මණමූලක හේතුදුකා දි වශයෙන් දෙවිසි වැදෑරුම් වේ. එයින් ආරම්මණමූලක හේතුදුකය පළමු කොට වදාළ සේක. අවිගත දුකය දක්වා ප්‍රත්‍යයන් බැහැර කරමින් විස්තර කරනු.

දුකවාරයට අනතුරු ව තිකවාරය වදාළ සේක. එහි ආරම්මණහේතු මූලක අධිපති තිකාදි වශයෙන් වාර එක් විස්සක් ඇත්තේ ය. එයින් අධිපති තික ය පළමු කොට වදාළ සේක. අවිගත තිකය දක්වා විස්තර කරනු. හේතුදුකාදිය අනුව බාවීසකය දක්වා විස්තර කරනු.

ආරම්මණදුකාදිය නිමි.

ආරම්මණදුකාදියට අනතුරු ව අධිපතිදුකාදිය වදාරන ලදී. එහි ද දුක තික චතුක්ක -පෙ- බාවීසතික වසයෙන් වාර දෙවිස්සක් ඇත්තේ ය. එයින් දුකය පළමු කොට වදාළ සේක. එහි ද අධිපතිමූලක හේතුදුකාදි වශයෙන් වාර දෙවිස්සක් ඇත්තේ ය. එයින් අධිපතිමූලක හේතුදුකය පළමු කොට වදාළ සේක. අවිගත දුකය දක්වා විස්තර කරනු. තික චතුක්ක -පෙ- බාවීසතිකයන් හි ද විශේෂයක් නැත්තේ ය. වෙනස අධිපතිය මුල්කර ගැනීම පමණ ය. අනන්තරදුකාදියෙිහ හා සමනන්තර දුකාදියෙහි ද විශේෂයක් නැත්තේ ය.

සමනන්තරදුකාදියට අනතුරු ව සහජාතදුකාදිය වදාළ සේක. එහි ද දුකාදි වසයෙන් වාර දෙවිස්සක් ඇත්තේ ය. එයින් දුක වාරය පළමු කොට වදාළ සේක. එහි ද සහජාතමූලක හේතු දුකාදි වසයෙන් වාර දෙවිස්සක් ඇත්තේ ය. එයින් සහජාතමූලක හේතුදුකය පළමු කොට වදාළ සේක. ප්‍රත්‍යයන් බැහැර කරමින් අවිගතදුකය දක්වා විස්තර කරනු.

දුකවාරයට අනතුරු ව තිකවාරය වදාළ සේක. එහි ද සහජාත හේතුමූලක ආරම්මණතිකාදි වසයෙන් වාර එක්විස්සක් ඇත්තේ ය. එයින් සහජාතහේතුමූලක ආරම්මණතිකය පළමු කොට වදාළ සේක. ආරම්මණ හේතුදුකය ශුද්ධ කරන සහජාතහේතු දෙක බැහැර නො කෙරේ. සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ආරම්මණය බැහැර කෙරෙති. ‘එකං’ පච්චනීය නො ලැබේ. මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සකල සහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’ ඉතිරි තිකයන් හේතු දුකාදිය අනුව අභිධෙය සලකා විස්තර කරනු.

සහජාතදුකාදියට අනතුරුව අඤ්ඤමඤ්ඤදුකාදිය වදාළ සේක. දුකයෝ ඉහත විස්තර කරන ලදහ. අඤ්ඤමඤ්ඤහේතු මූලක අධිපති තිකයෙහි දෙක බැහැර නො කෙරේ. අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුක ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, සහේතුකප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු අධිපතිය බැහැර කෙරෙති. ‘තීණි’ නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන හේතුක චිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි ‘එකං’ අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන සාධිපති චිත්තජ මහාභූතයෝ ය යන මොවුහු අනුලෝමයෙහි ‘තීණි’ මේ ක්‍රමය අනු ව සෙස්ස විස්තර කරනු.

නිස්සය දුකාදිය ද සහජාත දුකාදිය මෙනි. උපනිස්සය දුකාදිය ආරම්මණ දුකාදිය මෙනි. පුරේජාතදුකාදියෙහි පුරේජාතමූලක හේතු දුකාදිය ඉහත විස්තර විය. පුරේජාත හේතුමූලක අධිපති තිකයෙහි දුක සුද්ධිය කරනු. දෙක බැහැර කිරීමක් නැත. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහා ක්‍රියාවෝ ය, අරූපවිපාක වර්ජිත ලෞකික විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අධිපතිය බැහැර කෙරෙති. “පුරේජාත පච්චයා හෙතුපච්චයා න අධිපතියා තීණි” අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහය හා මනෝද්වාරාවජ්ජනය ය, අහේතුකප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ සතර ය, අහේතුකචිත්තජරූපයෝ ය, අහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි ‘එකං’ පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

පුරේජාත හේතුමූලක ආසේවනතිකයෙහි දුකය ශුද්ධ කරනු. අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූල ද්විතීයාදි ජවනයන්හි මෝහය දෙක බැහැර කෙරේ. ‘එකං’ පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය අරූපවිපාක වර්ජිත සහේතුක විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. ‘තීණි’ අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූල ප්‍රථමජවනයන්ගේ මෝහය ය, මනෝද්වාරාවජ්ජනය ය, අහේතුකප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජරූපයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “ද්වෙ” පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතක්‍රියා ය, ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’ චතුක්කාදිය ද මේ ක්‍රමය අනුව විස්තර කරනු.

ආසේවන දුකාදියෙහි ආසේවනමූලක හේතුදුකාදිය කියන ලද නය අනුව විස්තර කරනු. ආසේවන හේතුමූලක ආරම්මණතිකය සුගම ය. අධිපති තිකයෙහි දුක ශුද්ධිය කරනු. දෙක බැහැර කිරීමක් නැත. අධිපති ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදිජවනයෝ ය, නියමයෙන් අධිපති ලැබෙන මහද්ගතකුශල ක්‍රියාවෝ ය මාර්‍ගසිත් සතර ය යන මොවුන් ගේ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන කල්හි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය යන මොවුහු අධිපතිය බැහැර කෙරෙති. ‘තීණි’

මෝහමූල ප්‍රථමජවනයෙහි මෝහය ය, හසිතෝත්පාද ප්‍රථම ජවනය ය, හසිතෝත්පාද වර්ජිත අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජරූපයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘ද්වෙ’ අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තරකුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’ මේ ක්‍රමය අනුව තිකචතුක්කයන් විස්තර කරනු.

ආසේවන හේතු ආරම්මණ අධිපතිමූලක පුරේජාත පඤ්චකයෙහි දුකය ශුද්ධ කරනු. සතර බැහැර කිරීමක් නැත. අරූපභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම වර්ජිත ලෝභමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදිජවනයෝ ය, සෑම කල්හි අධිපති ලැබෙන අරූපකුශල ක්‍රියා ය, උපරිම මාර්‍ගයෝ ය යන නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. ‘තීණි’ අහේතුකචිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, පච්චනීයයෙහි ‘එකං’ පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශලක්‍රියා ය ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’ මේ නයය අනුව ආසේවනය අවසානය තෙක් විස්තර කරනු. ‘ආසේවනමූලකෙ විපාකෙ නත්‍ථි. ආසේවනමූලකයෙහි විපාක ප්‍රත්‍යය නැත. විපාකය හැර ඉතිරිප්‍රත්‍යයන් ම ආසේවන මූලකයෙහි යොදනු. කම්මදුකාදිය කුශලාකුශල චේතනා හරිමින් විස්තර කරනු. විපාකදුකාදියෙහි විපාකමූලක හේතුදුකාදිය යට කියැවිණ.

විපාකහේතුමූලක අධිපති තිකයෙහි දුක සුද්ධිය කරනු. විපාකහේතු දෙක බැහැර නො කෙරේ. ඵලසතරෙහි අධිපති ධර්‍මයෝ ය, සහේතුක ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක ලෞකික විපාක චිත්තජරූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොවුහු අධිපතිය බැහැර කෙරෙති. ‘එකං’ මෝහමූල දෙක්හි මෝහය ය අහේතුකක්‍රියා නාමස්කන්‍ධයෝ ය, අහේතුකක්‍රියා චිත්තජ රූපයෝ ය, බාහිර රූපයෝ ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි ‘ද්වෙ’ අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ ය, ඵලචිත්තජරූපයෝ ය යන මොවුහු අනුලෝමයෙහි ‘එකං’ ආරම්මණාදි ප්‍රත්‍යයන් ඇතුළු වන තන්හි අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ ම ලැබෙත්. පුරේජාතය ඇතුළුවන තන්හි පඤ්චවෝකාරභූමියෙහි අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ ලැබෙත්. ‘විපාක මූලකෙ ආසෙවනං නත්‍ථි. විපාකමූලකය ආසේවනය හැර විස්තර කරනු. ඉතිරි සියල්ල උක්තානුසාරයෙන් විස්තර කරනු.

අනුලෝම වාරය නිමි.