චතුක්ක වාරය

star_outline

තිකවාරයට අනතුරු ව චතුක්කවාරය වදාළ සේක. එද හේතු ආරම්මණ අධිපතිමූලක අනන්තර චතුක්කය යනාදි වශයෙන් විසි වැදෑරුම් වේ. එයින් හේතුආරම්මණඅධිපතිමූලක අනන්තරචතුක්කය පළමුකොට වදාළ සේක. අධිපතිඅනන්තර දුකය ශුද්ධ කරනු. හේතුආරම්මණ අධිපති තුන බැහැර කිරීමක් නැත. අනන්තරය බැහැර කිරීමක් ද නැත. අහේතුකචිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ, පච්චනීයයෙහි “එකං” අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

හේතු ආරම්මණ අධිපතිමූලක සහජාත චතුක්කයෙහි අධිපති සහජාතදුකය ශුද්ධිය කරනු. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ හේතුආරම්මණ අධිපති තුන බැහැර කෙරෙති. ‘එකං’ සහජාතය බැහැර කිරීමක් නැත. පච්චනීය ද නැත. අධිපතිධර්‍මවර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’

හේතු ආරම්මණ අධිපතිමූලක අඤ්ඤමඤ්ඤ චතුක්කයෙහි අධිපති අඤ්ඤමඤ්ඤය සුද්ධිය කරනු. අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු හේත්‍වාදි තුන බැහැර කෙරෙති. ‘එකං’ අඤ්ඤමඤ්ඤය බැහැර කිරීමක් නැත. නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොව්හු, පච්චනීයෙහි ‘එකං’ අධිපතිධර්‍ම වර්ජිත සාධිපතිජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’ හේතු ආරම්මණ අධිපති මූලක නිස්සය චතුක්කය සහජාත චතුක්කය මෙනි. උපනිස්සය චතුක්කය අනන්තර චතුක්කය මෙනි.

හේතු ආරම්මණ අධිපතිමූලක පුරේජාත චතුක්කයෙහි අධිපති පුරේජාත සුද්ධිය කරනු. ප්‍රත්‍යය තුන බැහැර කිරීමක් නැත. අරූපභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියාවෝ ය, සැමකල්හි අධිපති ලැබෙන අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵලයෝ ය යන මේ නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. ‘තීණි’ අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ, පච්චනීයයෙහි “එකං” පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි, අධිපතිධර්‍ම වර්ජිත සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”

හේතු ආරම්මණ අධිපතිමූලක ආසේවන චතුක්කයෙහි අධිපති ආසේවන සුද්ධිය කරනු. හේත්‍වාදි තුන බැහැර කිරීමක් නැත. අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ඵල සතර ය යන නාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. අහේතුකචිත්තජ -පෙ- ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ, පච්චනීයයෙහි “එකං” අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදිජවනයෝ ය, අධිපති නියත මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තරමාර්‍ගයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”

හේතු ආරම්මණ අධිපති මූලක කම්මචතුක්කයෙහි අධිපති කම්මදුක සුද්ධිය කරනු. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ප්‍රත්‍යය තුන බැහැර කෙරෙති. “එකං” සාධිපති කුශලාකුශලක්‍රියා චේතනාවෝ කර්‍මය බැහැර කෙරෙති. “තීණි” බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ, පච්චනීයයෙහි “එකං” අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා කුශලාකුශල ක්‍රියාචේතනා ද වර්ජිත සාධිපති ජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”

හේතුආරම්මණ අධිපති මූලක විපාක චතුක්කයෙහි අධිපති විපාක දුකය ශුද්ධ කරනු. විපාකචිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ප්‍රත්‍යය තුන බැහැර කෙරෙති. ‘එකං’ අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත සාධිපති කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ විපාක ප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘තීණි’ අහේතුකක්‍රියාචිත්තජ රූපයෝ ය. බාහ්‍ය ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “එකං” අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “එකං”

හේතු ආරම්මණ අධිපතිමූලක ආහාරචතුක්කයෙහි අධිපති ආහාර දෙක ශුද්ධ කරනු. අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ප්‍රත්‍යය තුන බැහැර කෙරෙති. ‘එකං’ ආහාරය බැහැර කිරීමක් නැත. බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි ‘එකං’ අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

හේතුආරම්මණ අධිපතිමූලක ඉන්‍ද්‍රියචතුක්කයෙහි අධිපති ඉන්‍ද්‍රිය දෙක ශුද්ධකරනු. අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූප ජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ තුන බැහැර කෙරෙති. ‘එකං’ ඉන්‍ද්‍රිය බැහැර නො කෙරේ. බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපජීවිතේන්‍ද්‍රියෝ ය, පච්චනීයයෙහි ‘එකං’ අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’

හේතුආරම්මණ අධිපතිමූලක ඣාන චතුක්කයෙහි දුකසුද්ධිය කරනු. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ තුන බැහැර කෙරෙති. “එකං” ධ්‍යානය බැහැර නො කෙරේ. බාහ්‍ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි “එකං” අධිපතිධර්‍ම වර්ජිත සාධිපතිජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’

හේතුආරම්මණ අධිපතිමූලක මග්ගචතුක්කයෙහි දුකසුද්ධිය කරනු. තුන බැහැර නො කෙරේ. මාර්‍ගප්‍රත්‍යය ද බැහැර නො කෙරේ. අහේතුකචිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ, පච්චනීයයෙහි ‘එකං’ අධිපතිධර්මවර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’ සම්පයුත්තචතුක්කය අනන්තර චතුක්කය මෙනි.

හේතුආරම්මණ අධිපතිමූලක විප්පයුත්තචතුක්කයෙහි දුක සුද්ධිය කරනු. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ තුන බැහැර කෙරෙති. ‘එකං’ අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල මහාකුශල මහාක්‍රියා ය අධිපතිනියත අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵලයෝය යන නාමස්කන්‍ධයෝ, විප්පයුත්තය බැහැර කෙරෙති. ‘තීණි’ බාහ්‍ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි ‘එකං’ පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි” අත්‍ථිඅවිගතචතුක්කයෝ සහජාත චතුක්කය මෙනි. නත්‍ථිවිගත චතුක්කයෝ අනන්තර චතුක්කය මෙනි.

චතුක්කවාරය නිමි.