19. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

සම්ප්‍රයුක්ත විභඞ්ගයෙහි කුසලෙන කුසලය ආරම්මණය මෙනි. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන කුසල සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් ගේ සම්ප්‍රයුක්තශක්තිය ලැබේ. අකුසලෙන අකුසලයද එසේය, අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අභිධෙය ආරම්මණයෙහි මෙනි. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, ක්‍රියාසිත් විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් ගේ සම්ප්‍රයුක්ත ශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධි කාලයෙහි අභිධෙය ද ආරම්මණයෙහි මෙනි, හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ය චෛතසික පන්තිස ය යන නාමස්කන්‍ධයන් ගේ සම්ප්‍රයුක්ත ශක්තිය ලැබේ. රූපවාරයක් නැත්තේ ය.

සම්ප්‍රයුක්ත විභඞ්ගය නිමි.