මාර්‍ගප්‍රත්‍යය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුශල චිත්තක්‍ෂණයන්හි ඇති පඤ්ඤා විතක්ක සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව විරිය සති ඒකග්ගතා යන මාර්‍ගාඞ්ගධර්‍මයන් ගේ මාර්‍ගප්‍රත්‍යය ශක්තිය ලැබේ.
කුසලෙන අබ්‍යාකතයෙහි හේතුප්‍රත්‍යයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. හේතු පාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුශලයන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති මාර්‍ගාඞ්ග අටෙහි මාර්‍ග ශක්තිය ලැබේ.
කුසලෙන කුසලාබ්‍යාකතයෙහි හේතුවෙහි මෙන් අභිධෙය ගන්නේ ය. හේතුපාඨයේ අභිධෙය ගැනීමේදී “සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට” යනු යොදා කියනු.
අකුසලෙන අකුසලයෙහි සහජාතයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුශල චිත්තයන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති විතක්ක විරිය ඒකග්ගතා දිට්ඨි යන මාර්‍ගාඞ්ග සතරෙහි මාර්‍ගශක්තිය ලැබේ. අකුසලෙන අබ්‍යාකතය ය, අකුසලෙන අකුසලාබ්‍යාකතය ය යන දෙක සහජාතය මෙනි. හේතු පාඨයෙන් මාර්‍ගාඞ්ග සතර ගන්නේ ය. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයේ අභිධෙය හේතුවෙහි මෙනි. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ග අටෙහි මාර්‍ග ශක්තිය ලැබේ.
ප්‍රතිසන්‍ධිකාලයෙහි අභිධෙය හේතුවෙහි මෙනි. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන සහේතුකප්‍රතිසන්‍ධි සතළොසෙහි ඇති පඤ්ඤා විතක්ක විරිය සති ඒකග්ගතා යන මාර්‍ගාඞ්ගයන් ගේ මාර්‍ග ශක්තිය ලැබේ.
ශුද්ධරූපවාරයෙහි හේතුවෙහි මෙනි. හේතුපාඨයෙන් සහේතුක චිත්තජරූපයන්ට හා සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක අර්‍හන්තච්‍යුතිවර්ජිත කුශලා කුශල සහේතුක විපාක ක්‍රියා චිත්තක්‍ෂණයන්හි ඇති මාර්‍ගාඞ්ගධර්‍ම අටෙහි මාර්‍ගශක්තිය ලැබේ.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හේතුව මෙනි. හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුශලයන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති මාර්‍ගාඞ්ග අටෙහි මාර්‍ග ශක්තිය ලැබේ. අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හේතුව මෙනි. හේතුපාඨාභිධෙය වශයෙන් මාර්‍ගාඞ්ගධර්‍මයන්ගේ මාර්‍ගශක්තිය ලැබේ.
මාර්‍ග ප්‍රත්‍යය විභඞ්ගය නිමි.