ඉන්‍ද්‍රියපච්චයවිභඞ්ගයෙහි කුසලෙන කුසලය සහජාතයෙහි මෙනි. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක් විසි කුශලචිත්තයන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති ජීවිත චිත්ත වේදනා සද්ධා විරිය සති එකග්ගතා පඤ්ඤා යන නාමේන්‍ද්‍රිය ධර්‍ම අටෙහි සහජාතේන්‍ද්‍රිය ශක්තිය ලැබේ.
කුසලෙන අබ්‍යාකතයෙහි හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ එක්විසි කුශල චිත්තක්‍ෂණයන්හි ඇති නාමේන්‍ද්‍රිය ධර්‍ම අටදෙනා ගේ සහජාතේන්‍ද්‍රිය ශක්තිය ලැබේ.
කුසලෙන කුසලාබ්‍යාකතයෙහි හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ එක්විසි කුසලචිත්තක්‍ෂණයන්හි ඇති නාමේන්‍ද්‍රිය ධර්‍ම අටදෙනාගේ සහජාතේන්‍ද්‍රිය ශක්තිය ලැබේ.
අකුසලෙන අකුසලයෙහි හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුශල චිත්තක්‍ෂණයෙහි ඇති ජීවිත චිත්ත වේදනා විරිය ඒකග්ගතා යන නාමේන්‍ද්‍රිය ධර්‍ම පසෙහි සහජාතේන්‍ද්‍රිය ශක්තිය ලැබේ. අකුසලෙන අබ්‍යාකතයෙහි හා අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි අභිධෙය උක්තානුසාරයෙන් දන්නේ ය. හේතුපාඨයෙන් නාමේන්‍ද්‍රිය පසෙහි ඉන්‍ද්‍රිය ශක්තිය ගන්නේ ය,
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයේ අභිධෙය සහජාතයෙහි මෙනි. හේතු පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අටෙහි සහජාතේන්‍ද්‍රිය ශක්තිය ද චක්‍ෂුර් විඥාන ද්වයයට ප්‍රත්‍යය වන අතීත භවාඞ්ගය හා උපන් මධ්‍යමායුෂ්ක චක්‍ෂුරින්‍ද්‍රිය ය -පෙ- කායවිඥාන ද්වයයට ප්‍රත්‍යය වන අතීතභවාඞ්ගය හා උපන් මධ්‍යමායුෂ්ක කායේන්‍ද්‍රිය ය යන මොවුන් ගේ පුරේජාතින්‍ද්‍රිය ශක්තිය ද ලැබේ.
ප්‍රතිසන්‍ධිකාලයෙහි අභිධෙය ද සහජාතයෙහි මෙනි. හේතු පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත්රූපයන්ට ද ප්‍රත්‍යය වන එකුන් විසි ප්‍රතිසන්‍ධි චිත්තක්‍ෂණයන් ගෙන් එක එකක ඇති නාමේන්‍ද්‍රිය ධර්‍ම අටෙහි නාමේන්‍ද්‍රිය ශක්තිය ද ලැබේ.
ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලා කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය. පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා සුදුසු පරිදි උපදනා කර්‍මජමහාභූතයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූත රූප සහිත වූ චිත්තජ උපාදායරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ය, රූප ජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍ව කර්‍මජ උපාදාය රූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු ලැබෙත්. හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලා කුශල විපාක ක්‍රියා චිත්තක්‍ෂණ එක එකක ඇති නාමේන්‍ද්‍රිය ධර්‍ම අටෙහි සහජාතේන්‍ද්‍රිය ශක්තිය ද කර්‍මජරූප කලාපයන්හි රූපජීවිතේන්‍ද්‍රියයා ගේ සහජාතේන්‍ද්‍රිය ශක්තිය ද ලැබේ.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුශල චිත්තක්‍ෂණයන්හි ඇති නාමේන්‍ද්‍රියයන් ගේ සහජාතේන්‍ද්‍රිය ශක්තිය ලැබේ.
අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි අභිධෙය වුක්තානුසාරයෙන් දන්නේ ය.
ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය විභඞ්ගය නිමි.