ආහාරපච්චය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල්සිත් එක්විස්සෙහි එක්එක් ධර්‍මරාශියක ඇති ඵස්ස චේතනා විඤ්ඤාණ යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ ආහාර ශක්තිය ලැබේ.
කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨාභිධෙය සහජාතයෙහි මෙන් ගන්නේ ය. හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ එක්විසි කුසලචිත්තයන් ගේ එක් එක් ධර්‍ම සමූහයක ඇති ඵස්ස චේතනා විඤ්ඤාණ යන ආහාරයන්ගේ නාමාහාර ශක්තිය ලැබේ.
කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨාභිධෙය සහජාතයෙහි මෙනි, හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ එක් එක් කුශල චිත්තක්‍ෂණයක ඇති ඵස්ස චේතනා විඤ්ඤාණ යන නාමාහාරයන් ගේ නාමාහාර ශක්තිය ලැබේ.
අකුසලෙන අකුසලය, අකුසලෙන අබ්‍යාකතය, අකුසලෙන අකුසලාබ්‍යාකතය යන වාර තුන ද සහජාතයෙහි මෙන් දන්නේය. හේතුපාඨාභිධෙය ද කුශල පදානුසාරයෙන් දන්නේ ය. “දොළොස් අකුසල චිත්තක්‍ෂණයන්හි ඇති ඵස්ස චේතනා විඤ්ඤාණය” යි කීම පමණක් වෙනස ය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨාභිධෙය සහජාතයෙහි මෙනි. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක ක්‍රියා චිත්තක්‍ෂණයන්හි ඇති ඵස්ස චේතනා විඤ්ඤාණ යන මොවුන් ගේ නාමාහාර ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.
ප්‍රතිසන්‍ධිකාලයෙහි සහජාතයෙහි මෙනි. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍ය වන එකුන්විසි ප්‍රතිසන්‍ධිචිත්තක්‍ෂණයන් ගෙන් එක එකක ඇති ඵස්ස චේතනා විඤ්ඤාණයන් ගේ නාමාහාර ශක්තිය ලැබේ.
ශුද්ධරූප වාරයෙහි කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්ච විඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය, ආහාරජ මහා භූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ උපාදාය රූපයෝ ලැබෙත්. හේතු පාඨයෙන් චිත්තජරූපයන්ට හා ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට අයත් වූ ඵස්ස චේතනා විඤ්ඤාණයන් ගේ නාමාහාර ශක්තිය ද, ආහාරජරූපයන්ට ප්‍රත්‍යය වන බාහ්‍ය සෘතුජ ඕජාවෙහි රූපාහාර ශක්තිය ද ලැබේ. (ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ ආධ්‍යාත්මික ඕජාව ද ගනිති) කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය සහජාතය මෙනි, හේතුපාඨයෙන් සම්ප්‍රයුක්ත ස්කන්‍ධ චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාර තුනය යි කියයුතු.
ආහාරපච්චය විභඞ්ගය නිමි.