අන්‍යෝන්‍ය ප්‍රත්‍යය නිර්‍දෙශයට අනතුරු ව නිඃශ්‍රය ප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. -පෙ-
පදාර්‍ථ:
(නිඃශ්‍රය ප්‍රත්‍යය නිර්‍දෙශයෙහි සහජාත නිඃශ්‍රය හා සහජාත ප්‍රත්‍යය මෙනි.) පුරේජාත නිඃශ්‍රයයෙහි චක්ඛායතනං, අතීතභවාඞ්ගය හා උපන් මධ්‍යමායුෂ්ක චක්ඛායතනය: චක්ඛුවිඤ්ඤාණධාතුයා, චක්ඛුවිඤ්ඤාණධාතුවට ද: තං සම්පයුත්තකානං, ඒ චක්ඛුවිඤ්ඤාණධාතුව හා සම්ප්‍රයුක්ත වූ: ධම්මානඤ්ච, සර්‍වචිත්තසාධාරණ චෛතසිකයන්ට ද: නිස්සය පච්චයෙන පච්චයො. යං රූපං, හෘදයවස්තු සඞ්ඛ්‍යාත යම් රූපයක්: නිස්සාය, ඇසුරුකොට: මනොධාතු ච, මනෝධාතුව ද: මනෝවිඤ්ඤාණධාතු ච, අරූපවිපාක වර්ජිත මනෝවිඤ්ඤාණධාතු දෙසැත්තෑව ද: උප්පජ්ජන්ති, උපදිත් ද: තංරූපං, ඒ හෘදයරූපය: මනොධාතුයි ච මනොවිඤ්ඤාණ ධාතුයා ච නිස්සය පච්චයෙන පච්චයො.
අභිධෙයාර්‍ථ:
සහජාතනිඃශ්‍රයෙහි අභිධෙයාර්‍ථ සහජාත ප්‍රත්‍යයෙහි මෙනි. “චක්ඛායතනං” යන කර්‍තෘපාඨයෙන් අතීතභවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයධර්‍මය දැක් වූ සේක. “චක්ඛුවිඤ්ඤාණධාතුයා” යන සම්ප්‍රදානපාඨයෙන් චක්‍ෂුර්විඥානද්වයය, සර්‍වචිත්ත සාධාරණ චෛතසික සත ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක් වූ සේක. “නිස්සයපච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර ලැබෙන නිස්සය, පුරේජාත, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් නිඃශ්‍රයසඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද දැක් වූ සේක. සොතායතනං යනාදිය වුක්තානුසාරයෙන් දත යුතු.
“යං රූපං” යන පාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපන් හෘදයවස්තු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය අනියමින් දැක් වූ සේක. “නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති” යන පාඨයෙන් මනෝධාතුත්‍රය ය, අරූපවිපාක වර්ජිත මනෝවිඥානධාතු දෙසැත්තෑවය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක් වූ සේක. “තං රූපං” යන පාඨයෙන් “යං රූපං” යන පාඨයෙන් අනියමින් දැක්වුණු ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපන් හෘදයවස්තු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය නියම වශයෙන් දැක් වූ සේක. “මනෝධාතුයා ච -පෙ- ධම්මානං” යන පාඨයෙන් මනෝධාතුත්‍රය ය, අරූපවිපාක වර්ජිත මනෝවිඥාන ධාතු දෙසැත්තෑව ය, චෛතසික දෙපනස ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් නියම වශයෙන් දැක් වූ සේක.
“නිස්සය පච්චයෙන” යන කරණ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ මනෝධාතුත්‍රය ය අරූපවිපාක වර්ජිත මනෝවිඥානධාතු දෙසැත්තෑවය යන මොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව ය, මරණාසන්න කාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හෘදයවස්තුව ය යන පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වේ නම්, නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් නිඃශ්‍රය සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීමද, මනෝද්වාරාවර්ජනයට හා මරණාසන්නජවනයන්ට ද තදාරම්මණයට ද ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණය වේ නම්, ආරම්මණ ශක්තිය සහිත වූ ප්‍රත්‍යයශක්ති සය අතුරෙන් -පෙ- වීම ද,
ගරුකොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරුකළ යුතුවූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය වේ නම් ආරම්මණ, අධිපති, උපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුන ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති අටෙන් නිඃශ්‍රය සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද දැක්වූ සේක.