සහජාත නිර්‍දෙශයට අනතුරු ව අන්‍යෝන්‍ය ප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. -පෙ-
පදාර්‍ථ:
චත්තාරො, සතරක් වූ: අරූපිනො, අරූපී වූ: ඛන්‍ධා, ස්කන්‍ධයෝ: අඤ්ඤමඤ්ඤං, ඔවුනොවුන්ට: අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. මහාභූතා, මහාභූතයෝ: අඤ්ඤමඤ්ඤං, ඔවුනොවුන්ට: -පෙ- ඔක්කන්තික්ඛණෙ, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි: නාමරූපං, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන නාමරූපය: අඤ්ඤමඤ්ඤං -පෙ-
අභිධෙයාර්‍ථ:
“චත්තාරො ඛන්‍ධා අරූපිනො” යන පාඨයෙන් තිදෙනෙකු තිදෙනෙකු වූ නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එකඑකක් වූ නාමස්කන්‍ධයෝ ය එකඑකක් වූ නාමස්කන්‍ධයනට ප්‍රත්‍යය වන තිදෙනෙකු තිදෙනෙකු වූ නාමස්කන්‍ධයෝ ය, දෙදෙනෙකු දෙදෙනෙකු වූ නාමස්කන්‍ධකයන්ට ප්‍රත්‍යයවන දෙදෙනෙකු දෙදෙනෙකු වූ නාමස්කන්‍ධයෝ ය න ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක. (ඉතිරි පදයන් ගේ අභිධෙය සහජාතප්‍රත්‍යය නිර්‍දෙශයෙහි දැක්වූ පරිදි විස්තර කරනු.)