සම්පයුක්තපච්චයො ති චත්තාරො අරූපිනො ඛන්‍ධා අඤ්ඤමඤ්ඤං සම්පයුත්තපච්චයෙන පච්චයො.
අභිධෙයාර්‍ථ:
“චත්තාරො අරූපිනො ඛන්‍ධා” යන කර්‍තෘ පාඨයෙන් තිදෙනකු තිදෙනකු වූ නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක එකක් වූ නාමස්කන්‍ධයෝ ය, එක එකක් වූ නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන තිදෙනකු තිදෙනකු වූ නාමස්කන්‍ධයෝ ය, දෙදෙනකු දෙදෙනකු වූ නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දෙදෙනකු දෙදෙනකු වූ නාමස්කන්‍ධයෝ ය යන ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. සම්ප්‍රදානපාඨයෙන් තිදෙනකු තිදෙනකු වූ නාමස්කන්‍ධයෝ ය, එක එකක් වූ නාමස්කන්‍ධයෝ ය, දෙදෙනකු දෙදෙනකු වූ නාමස්කන්‍ධයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක් වූ සේක. කරණපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ වෙත් නම්, සම්පයුත්ත, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත, ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ වෙත් නම් විපාක ශක්තිය ද සමග සතක් වූ ප්‍රත්‍යය ශක්තීන් අතුරෙන් සම්ප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීම ද දැක්වූ සේක.