18. මාර්‍ග ප්‍රත්‍යය නිර්‍දෙශය

star_outline

පදාර්‍ථ:

මග්ගඞ්ගානි, මාර්‍ගාඞ්ගයෝ: මග්ගසම්පයුත්තකානං, මාර්‍ගය හා සම්ප්‍රයුක්ත වූ: ධම්මානං, සහේතුක සිත් එක් සැත්තෑව ය චෛතසික දෙපනස ය යන ධර්‍මයන්ට ද: තංසමුට්ඨානානං, ඒ මාර්‍ගාඞ්ග හා මාර්‍ගාඞ්ගසම්ප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් උත්පත්ති හේතුකොට ඇත්තාවූ: රූපානඤ්ච, සහේතුක චිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද, මග්ග පච්චයෙන පච්චයො.

අභිධෙයාර්‍ථ:

“මග්ගඞ්ගානී” යන කර්‍තෘ පාඨයෙන් මාර්‍ගාඞ්ගධර්‍ම නවය වූ ප්‍රත්‍යය ධර්‍ම දැක්වූ සේක. “මග්ගසම්පයුත්තකානං” යනාදි සම්ප්‍රදාන පාඨයෙන් සහේතුක සිත් එක් සැත්තෑවය, චෛතසික දෙපනස ය, සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. කරණ පාඨයෙන් එක් වර සුදුසු පරිදි ලැබෙන මග්ග, හෙතු, අධිපති, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, ඣාන, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති දොළොස අතුරෙන් -පෙ- දැක්වූ සේක.

නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ගධර්‍ම නවය වේ නම්, මග්ග, සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් -පෙ- වීමද, (අවිපාක ඝටනා සතර හා සවිපාක ඝටනා පස අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය, සති, ඒකග්ගතා, පඤ්ඤා යන මාර්‍ගාඞ්ගයෝ වෙත් නම් මග්ග, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් -පෙ- වීම ද, (ඝටනා නවය අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකග්ගතා දෙක වේ නම් මග්ග, සහජාත, නිස්සය, ඣාන, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද, (ඝටනා නවය අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ඒකග්ගතාව වේ නම්, මග්ග, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් -පෙ- වීමද, (ඝටනා නවය අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන විරියාධිපතිය වේ නම්, මග්ග, අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් -පෙ- (ඝටනා සය අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය වේ නම්, මග්ග, හේතු, සහජාත, නිස්සය. ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් -පෙ- වීමද, (ඝටනා නවය අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය වේ නම්, මග්ග, හේතු, අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ශක්ති අට අතුරෙන් -පෙ- වීම ද, (ඝටනා සය අනුව විස්තර කරනු.) දැක් වූ සේක.

මග්ගස්ස පන හෙතු පච්ඡිමකත්තා අහෙතුක චිත්තෙසු මග්ගඞ්ගානි න උද්ධටානි යනු අටුවා යි.