පදාර්‍ථ:
චක්ඛුන්‍ද්‍රියං, අතීත භවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුරින්‍ද්‍රිය ය; චක්ඛු විඤ්ඤාණධාතුයා ච -පෙ- රූපජීවිතින්‍ද්‍රියං, රූපජීවිතේන්‍ද්‍රිය ය: කටත්තාරූපානං, තමාගෙන් අන්‍ය වූ කර්‍මජ රූපයන්ට, ඉන්‍ද්‍රියපච්චයෙන පච්චයො. අරූපිනො, අරූපී වූ: ඉන්‍ද්‍රියා, ඉන්‍ද්‍රියයෝ: සම්පයුත්තකානං, සම්පයුක්ත වූ: ධම්මානං, එකුන් අනූ චිත්තය චෛතසික දෙපනස ය යන ධර්‍මයන්ට ද: තං සමුට්ඨානානං, ඒ ඉන්‍ද්‍රියයන් හා ඉන්‍ද්‍රිය සම්ප්‍රයුක්තයන් උත්පත්ති හේතු කොට ඇත්තා වූ: රූපානඤ්ච, චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද; ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.
අභිධෙයාර්‍ථ:
“චක්ඛුන්‍ද්‍රියං” යන කර්‍තෘපාඨයෙන් අතීත භවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුරින්‍ද්‍රිය සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයධර්‍මය දැක්වූ සේක. සෙස්ස පුරේජාත නිඃශ්‍රයයෙහි මෙන් දතයුතු. “රූප ජීවිතින්‍ද්‍රියං” යන කර්‍තෘපාඨයෙන් ඉතිරි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන රූපජීවිතේන්‍ද්‍රිය සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය ද, “කටත්තාරූපානං” යන සම්ප්‍රදාන පාඨයෙන් ජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය කර්‍මජරූපයන් වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් ද, කරණ පාඨයෙන් ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ශක්ති තුනෙන් -පෙ- දැක්වූ සේක. “අරූපිනො ඉන්‍ද්‍රියා” කර්‍තෘ පාඨයෙන් නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ ප්‍රත්‍යය ද, සම්ප්‍රදාන පාඨයෙන් එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, චිත්තජරූපය ප්‍රතිසන්‍ධි කර්‍මජ රූප ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. කරණ පාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන ඉන්‍ද්‍රිය, හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුදුස අතුරෙන් ඉන්‍ද්‍රිය සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.
නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වේ නම්, ඉන්‍ද්‍රිය, සහජාත, නිස්සය. අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් -පෙ- වීමද, (අවිපාක ඝටනා සතර හා සවිපාක ඝටනා පස අනු ව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය සති ඒකග්ගතා පඤ්ඤා යන ඉන්‍ද්‍රියයෝ වෙත් නම් ඉන්‍ද්‍රිය, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද, (අවිපාක සවිපාක ඝටනා නවය අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකග්තතා යන ඉන්‍ද්‍රියයෝ වෙත් නම් ඉන්‍ද්‍රිය, සහජාත, නිස්සය, ඣාන, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද, (අවිපාක සවිපාක ඝටනා නවය අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ඒකග්ගතාව වේ නම් ඉන්‍ද්‍රිය, සහජාත, නිස්සය, ඣාන, මග්ග, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් -පෙ- වීම ද, (අවිපාක සවිපාක ඝටනා නවය අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන මනින්‍ද්‍රිය වේ නම්, ඉන්‍ද්‍රිය, සහජාත, නිස්සය, ආහාර, අත්‍ථි, අවිගත යන ශක්ති සත සතුරෙන් -පෙ- වීම ද, (අවිපාක සවිපාක ඝටනා නවය අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය වේ නම්, ඉන්‍ද්‍රිය, අධිපති, සහජාත, නිස්සය, ආහාර, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද, (අවිපාක ඝටනා තුන හා සවිපාක ඝටනා තුන අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන විරියාධිපතිය වේ නම්, ඉන්‍ද්‍රිය, අධිපති, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් -පෙ- වීම ද, (අවිපාක සවිපාක ඝටනා සය අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද, ප්‍රත්‍යය වන අමෝහය වේ නම්, ඉන්‍ද්‍රිය, හේතු, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් -පෙ- වීම ද, (අවිපාක ඝටනා සතර හා සවිපාක ඝටනා පස අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය වේ නම්, ඉන්‍ද්‍රිය, හේතු, අධිපති, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ශක්ති අට අතුරෙන් -පෙ- වීම ද දැක්වූ සේක. (අවිපාක ඝටනා තුන හා සවිපාක ඝටනා තුන අනුව විස්තර කරනු.)
විශේෂ කරුණු:
ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය දෙක ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයට නො ගැනීමේ කාරණය අටුවාවෙහි මෙ සේ දැක් වේ. “ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය හි කිඤ්චාපි ඉත්‍ථිලිඞ්ග පුරිසලිඞ්ගාදීනං බීජ භූතානි, කලලාදි කලෙ පන විජ්ජමානෙසු පි, තං තෙසු ඉත්‍ථිලිඞ්ග පුරිසලිඞ්ගාදීනං අභාවභාවා තානි නෙව තෙසං න අඤ්ඤෙසං ඉන්‍ද්‍රිය පච්චයතං එරන්ති. ඉන්‍ද්‍රිය පච්චයො හි අත්තනො විජ්ජමානක්ඛණෙ අවිනිබ්භූත්ත ධම්මානං ඉන්‍ද්‍රිය පච්චයතං අඵරන්තො නාම නත්‍ථි: තස්මා තානි ඉන්‍ද්‍රිය පච්චයා න හොන්ති” යනු අටුවා යි.