පදාර්‍ථ:
කබලිඞ්කාරො, පිඬු කොට වැළඳිය යුතු වූ: ආහාරො, ආහාරය: ඉමස්ස කායස්ස, මේ චතුසමුට්ඨානික කායයට: ආහාරපච්චයෙන පච්චයො. අරූපිනො, අරූපී වූ: ආහාරා, ඵස්ස චේතනා විඤ්ඤාණ යන ආහාරයෝ: සම්පයුත්තකානං, සම්පයුත්ත වූ: ධම්මානං, ධර්‍මයන්ට ද: තංසමුට්ඨානං, ඒ ආහාරයන් හා ආහාර සම්ප්‍රයුක්ත චිත්තචෛතසිකයන් නිසා උපදනා වූ: රූපානඤ්ච, චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ටද: ආහාර පච්චයෙන, නාමාහාර ශක්තියෙන්, පච්චයො.
අභිධෙයාර්‍ථ:
“කබලිංකාරො ආහාරො” යන කර්‍තෘපාඨයෙන් තමාගේ කලාපයෙහි අන්‍යරූපයන්ට හා අන්‍යකලාපයන්ට ද ප්‍රත්‍යය වන චතුසමුට්ඨානික ඕජාරූපය වූ ප්‍රත්‍යය දැක්වූ සේක. “ඉමස්ස කායස්ස” යන සම්ප්‍රදාන පාඨයෙන් චතුසමුට්ඨානිකරූප වූ ප්‍රත්‍යයෝත්පන්නයන් දැක් වූ සේක. කරණ පාඨයෙන් ආහාර, අත්‍ථි, අවිගත යන ශක්ති තුනෙන් ආහාර සඞ්ඛ්‍යාත ශක්ති විශේෂය දැක්වූ සේක.
“අරූපිනො ආහාරා” යන කර්‍තෘපාඨයෙන් ඵස්ස චේතනා විඤ්ඤාණ යන නාමාහාර තුන වූ ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක. සම්ප්‍රදානපාඨයෙන් එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනසය, චිත්තජ රූප ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන ආහාර, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ඉන්‍ද්‍රිය, සම්ප්‍රයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍ය්‍ය ශක්ති එකොළොසින් ආහාර සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක් වූ සේක.
නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාර තුන වේ නම්, ආහාර, සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් ආහාර සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම ද, (සාමාන්‍ය ඝටනාවන්හි අවිපාක ඝටනා සතර හා සවිපාක ඝටනා පස අනුව විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන චේතනාව වේ නම් ආහාර, සහජාත, නිස්සය, කම්ම, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- (මෙහි ද අවිපාකඝටනා සතර හා සවිපාක ඝටනා පස ද විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විඤ්ඤාණාහාරය වේ නම්, ආහාර, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- (අවිපාක සවිපාක ඝටනා නවය විස්තර කරනු.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන චිත්තාධිපතිය වේ නම්, ආහාර, අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් ආහාර ශක්තියෙන් උපකාර වීම ද -පෙ- දැක්වූ සේක. (මෙහි ද අවිපාක ඝටනා තුන සහ සවිපාක ඝටනා තුන විස්තර කරනු.)
විශේෂ කරුණු:
මෙහි කබලිඞ්කාරාහාරය යි කියනුයේ බාහිර ඕජාවට පමණක් නොව චතුසමුට්ඨානික ඕජාවට ම ය. “කබලිඞ්කාරො ආහාරො ති චතුසන්ති සමුට්ඨානෙ රූපෙ ඔජා ආහාරො නාම. සො පන යස්මා කබලං කරිත්‍වා අජ්ඣොහරිතො ආහාර කිච්චං කරොති, න බහිට්ඨිතො තස්මා ආහාරොති අවත්‍වා කබලිඞ්කාරො ආහාරො ති වුත්තං, යනු අටුවා යි. රූපාහාර ප්‍රත්‍යයෙහි ජනකෝපස්තම්භක ශක්ති දෙක ම ඇත්තේ ය. බාහිර ඕජාව ආහාරජ රූපයන්ගේ ජනක ප්‍රත්‍යය ය, එය කර්‍මජ චිත්තජ සෘතුජ රූපයන්ට උපස්තම්භකය, ත්‍රිජ රූපයන්හි ඕජාව චතුසමුට්ඨානික රූපයනට උපස්තම්භක වේ. නොහොත් එක් කලාපයක ඕජාව ඒ කලාපයේ රූපයන්ට ජනක ප්‍රත්‍යය වේ. අන්‍ය රූප කලාපයන්ට උපස්තම්භක ප්‍රත්‍යය වේ.