ප්‍රදාර්‍ථ:
විපාක, විපාක වූ: චත්තාරො, සතරදෙනෙකු වූ: අරූපිනො, අරූපී වූ: ඛන්‍ධා, ස්කන්‍ධයෝ: අඤ්ඤමඤ්ඤං, ඔවුනොවුන්ට: විපාක පච්චයෙන පච්චයො.
අභිධෙයාර්‍ථ:
“විපාකා චත්තාරො ඛන්‍ධා අරූපිනො” යන කර්‍තෘපාඨයෙන් තිදෙනෙකු තිදෙනෙකු වූ විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක එකක් වූ විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන තිදෙනකු තිදෙනකු වූ විපාක නාමස්කන්‍ධයෝය. දෙදෙනකු දෙදෙනකු වූ විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දෙදෙනකු දෙදෙනකු වූ විපාක නාමස්කන්‍ධයෝ යන ප්‍රත්‍යය ධර්‍මය දැක්වූසේක. “අඤ්ඤමඤ්ඤං” සම්ප්‍රදානපාඨයෙන් තිදෙනකු තිදෙනකු වූ විපාක නාමස්කන්‍ධයෝ ය, එක එකක් වූ විපාක නාමස්කන්‍ධයෝ ය, දෙදෙනකු දෙදෙනකු වූ විපාක නාමස්කන්‍ධයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. කරණපාඨයෙන් එක්වර ලැබෙන විපාක, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් විපාක සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් ප්‍රත්‍යය වීම දැක් වූ සේක.
විශේෂ කරුණු:
මේ ප්‍රත්‍යය නිර්‍දෙශයෙහි විපාක ප්‍රත්‍යයෝත්පන්නයන් වශයෙන් චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජයන් වදාරා නැත්තේ මෙය සාවශේෂ දේශනයක් බැවිනි. පඤ්හාවාරයෙහි “විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං විපාකපච්චයෙන පච්චයො. පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණං ඛන්‍ධානං කටත්තා ච රූපානං විපාකපච්චයෙන පච්චයො”යි චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද විපාක ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් වදාරා තිබේ. ත්‍රිරාශියෙහි හා තවත් නොයෙක් තැන්වල ද ඒවා විපාක ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් දක්වා ඇත්තේ එහෙයිනි.