පදාර්‍ථ:
කුසලාකුසලං, කුසලාකුසල වූ; කම්මං, නානාක්‍ෂණික චේතනාව; විපාකානං, විපාක වූ; ඛන්‍ධානං, විපාකසිත් සතිස ය, චෛතසික අට තිස ය යන නාමස්කන්ධයන්ට ද; කටත්තා ච රූපානං, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජරූපයෝ ය යන මොවුන්ට ද කම්මපච්චයෙන පච්චයො. චෙතනා, චේතනාව, සම්පයුත්තකානං, සම්ප්‍රයුක්ත වූ, ධම්මානං; එකුන්අනූ චිත්තය ය චේතනා වර්ජිත චෛතසික එක්පනස ය යන නාමස්කන්ධයන්ට ද, තංසමුට්ඨානානං, ඒ චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසිකයන් නිසා උපදනා වූ, රූපානඤ්ච, චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද, කම්මපච්චයෙන, සහජාතකර්‍ම ශක්තියෙන්, පච්චයො.
අභිධෙයාර්‍ථ:
“කුසලාකුසලං කම්මං” යන කර්‍තෘපාඨයෙන් දොළොස් අකුසලයන්හි හා එක්විසි කුසලයන්හි ඇත්තා වූ නානාක්‍ෂණික චේතනා සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.
නොහොත් සප්තාකුශල විපාක නාමස්කන්‍ධයන්ට හා ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අකුසල චේතනා දොළොසය, අහේතුක කුසලවිපාක අට ය, මහාවිපාක අට ය යන නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝත්කෘෂ්ට මහාකුශල චේතනාව ය, අහේතුක කුසල විපාක අටය, මහා විපාක ඥානවිප්‍රයුක්ත සිත් සතරය යන නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝමක ද්විහේතුකෝත්කෘෂ්ට මහාකුශල චේතනාව ය, අහේතුක කුශලවිපාක නාමස්කන්‍ධයන්ට හා ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන ද්විහේතුකෝමක මහාකුශල චේතනාව ය, ප්‍රථමධ්‍යානවිපාක නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රථමධ්‍යාන චේතනාව ය, -පෙ- පඤ්චමධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති කර්‍මජරූපයන්ට ද අසංඥසත්ත්‍ව කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන පඤ්චමධ්‍යාන චේතනාව ය, ආකාසානඤ්චායතන කුසල චේතනාව ය -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාකයට ප්‍රත්‍යය වන නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චේතනාවය ය, සෝතාපත්තිඵලයට ප්‍රත්‍යය වන සෝතාපත්ති මග්ගචේතනාවය, -පෙ- අර්‍හත්ඵලයට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ගචේතනාව ය යන ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.
“විපාකානං ඛන්‍ධානං කටත්තා ච රූපානං” යන සම්ප්‍රදානපාඨයෙන් විපාකනාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ය, අසංඥසත්‍ව කර්‍මජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. “කම්මපච්චයෙන” යන කරණපාඨයෙන් එක් වර සුදුසු පරිදි ලැබෙන කම්ම, අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- සේක. නොහොත් විපාකසිත් සතිසට ප්‍රත්‍යය වන බලවත් වූ කුශලාකුශල චේතනාවෝ වෙත් නම් කම්ම, උපනිස්සය, ශක්ති දෙක අතුරෙන් -පෙ- වීමද, මාර්‍ගානන්තරඵලචිත්තයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගචේතනාවෝ වෙත් නම් කම්ම, අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ශක්ති -පෙ- දැක්වූ සේක.
“චේතනා” යන පාඨයෙන් එකුන්අනූචිත්තයෙහි ඇති චේතනා එකුන් අනූව ද, සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං” යන සම්ප්‍රදානපාඨයෙන් එකුන් අනූචිත්තය ය. චේතනා වර්ජිත චෛතසික එක්පනස ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක.
“කම්මපච්චයෙන” යන කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන කම්ම, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දශය අතුරෙන් කර්‍මසඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාරවීම දැක්වූ සේක.
නොහොත් කරණපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනාව වේ නම්, කම්ම, සහජාත, නිස්සය, ආහාර, නත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- ද,
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන චේතනාව වේ නම්, අන්‍යෝන්‍ය ශක්තිය සහිත වූ ප්‍රත්‍යයශක්ති සත අතුරෙන් -පෙ- ද,
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන චේතනාව වේ නම්, අන්‍යෝන්‍ය සම්ප්‍රයුක්ත ශක්ති දෙක සහිත වූ ප්‍රත්‍යයශක්ති අට අතුරෙන් -පෙ- ද,
චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනාව වේ නම්, විප්‍රයුක්ත ශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් -පෙ- ද,
(මේ අවිපාක සතර ය.)
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකචේතනාව වේ නම්, කම්ම, සහජාත, නිස්සය, විපාක, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් -පෙ- ද,
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාක චේතනාව වේ නම්, අන්‍යෝන්‍යශක්තිය ද සහිත වූ ප්‍රත්‍යයශක්ති අට අතුරෙන් -පෙ- ද,
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන විපාක චේතනාව වේ නම්, අන්‍යෝන්‍ය සම්ප්‍රයුක්ත ශක්ති දෙක ද සහිත ප්‍රත්‍යයශක්ති නවය -පෙ- ද,
චිත්තජරූපය ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක චේතනාව වේ නම්, විප්‍රයුක්ත ශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් -පෙ- ද,
හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි චේතනාව වේ නම් අන්‍යෝන්‍ය විප්‍රයුක්ත ශක්ති දෙක ද සහිත වූ ප්‍රත්‍යයශක්ති නවය අතුරෙන් කර්‍ම ශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක.
(මේ සවිපාක ඝටනා සතරය.)
විශේෂ කරුණු:
“කම්මපච්චයෙනා ති අනෙකානම්පි කප්පකොටීනං මත්‍ථකෙ අත්තනො ඵලං උප්පාදෙතුං සමත්‍ථෙන නානාක්ඛණික කම්මපච්චයෙනා ති අත්‍ථො, කුසලා කුසලං හි කම්මං අත්තනො පවත්තික්ඛණෙඵලං න දෙති. යදි දදෙය්‍ය, යං මනුස්සො දෙවලොකුපගං කුසලකම්මං කරොති, තස්මිං යෙව ඛණෙ දෙවො භවෙය්‍ය, යස්මිං පන ඛණෙ තං කතං තතො අඤ්ඤස්මිං ඛණෙ අවිජ්ජමානම්පි කෙවලං කටත්තා යෙව දිට්ඨෙව ධම්මෙ උප්පජ්ජෙ වා අපරෙවා පරියායෙ අවසෙස පච්චය සමායොගෙ සති නිරුද්ධා පි පුරිමසිප්පා දි ක්‍රියාවිය කාලන්තරෙ පච්ඡිම සිප්පාදි ක්‍රියාය, තස්මා නානක්ඛණික කම්ම පච්චයො ති වුච්චති” යනු අටුවා යි.