පුරේජාත ප්‍රත්‍යය නිර්‍දෙශයට අනතුරු ව පශ්චාජ්ජාත ප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. -පෙ-
පදාර්‍ථ:
පච්ඡාජාතා, පසු ව උපන්නා වූ: චිත්තචෙතසිකා, චිත්ත චෛතසික වූ: ධම්මා, පඤ්චවෝකාර භූමියෙහි වූ අරූපවිපාක වර්ජිත සිත් පස් අසූව ය, චෛතසික දෙපනසය යන නාමස්කන්‍ධයෝ: පුරෙජාතස්ස, ප්‍රත්‍යය ධර්‍මය ඉපදීමට පෙරාතුව හටගන්නා වූ: ඉමස්ස කායස්ස, මේ ඒකජ ද්විජ තිජ චතුජ කායයට: පච්ඡාජාත පච්චයෙන පච්චයො.
අභිධෙයාර්‍ථ:
ඒ නිදර්‍ශනාකාර පාඨයෙහි “පච්ඡාජාතා චිත්තචෙතසිකා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ අරූපවිපාක වර්ජිත ප්‍රථමභවාඞ්ගාදි පශ්චිමපශ්චිම වූ සිත් පස් අසූව ය, චෛතසික දෙපනසය යන ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපි ද ස්ථිතියට පැමිණෙන ඒකජ ද්විජ තිජ චතුජ කායය වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය දැක් වූ සේක.
විස්තර වශයෙන් කියතහොත් ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් හා ඉපිද ස්ථිතියට පැමිණි කර්‍මජරූප සඞ්ඛ්‍යාත ඒකජකායයට ප්‍රත්‍යය වන ප්‍රථමභවාඞ්ග නාමස්කන්‍ධයෝ ය, නොහොත් කර්‍මජ සෘතුජ හා ද්විජකායයට ප්‍රත්‍යය වන ප්‍රථමභවාඞ්ග නාමස්කන්‍ධයෝ ය, ප්‍රථමා දි පූර්‍වපූර්‍වභවාඞ්ග නාමස්කන්‍ධයන් හා ඉපි ද ස්ථිතියට පැමිණි තිජකායයට ප්‍රත්‍යයවන ද්විතියාදි පශ්චිමපශ්චිම භවාඞ්ග නාමස්කන්‍ධයෝ ය, ආහාරජ රූපයන් ඉපදීමෙහිදී පූර්‍වචිත්තයාගේ උත්පාදය හා ඉපි ද ස්ථිතියට පැමිණ චතුජකායයට ප්‍රත්‍යය වන නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර භවාඞ්ග පසළොස හා ඉපි ද ස්ථිතියට පැමිණි තිජචතුජ කායයන්ට ප්‍රත්‍යය වන ආවර්ජනද්වය ය, පඤ්චද්වාරාවර්ජනය සමග ඉපි ද ස්ථිතියට පැමිණි තිජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ය, පඤ්චවිඥානයන් හා ඉපි ද ස්ථිතියට පැමිණි ද්විජ තිජ කායයන්ට ප්‍රත්‍යය වන සමප්‍රත්‍යේෂණ නාමස්කන්‍ධයෝ ය, යනාදීන් චිත්තවීථි අනුව විස්තර කරනු. (පඤ්චවිඥානයන් නිසා රූප නූපදනා බව සැලකිය යුතු.)
‘පච්ඡාජාතපච්චයෙන’ යන කරණ පාඨයෙන් පච්ඡාජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සතර පශ්චාජ්ජාත සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක් වූ සේක.