උපනිඃශ්‍රය ප්‍රත්‍යය නිර්‍දෙශයට අනතුරු ව පුරේජාත ප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. -පෙ-
පදාර්ථ:
කිඤ්චි කාලෙ, ප්‍රවෘත්තිකාලයෙහි: පුරේජාත පච්චයෙන පච්චයො. කිඤ්චිකාලෙ, ප්‍රතිසන්‍ධිකාලයෙහි: න පුරේජාත පච්චයෙන පච්චයො.
අභිධෙයාර්ථ:
නිදර්‍ශනාකාර පාඨයන් අතුරෙන් “චක්ඛායතනං” යනාදිය පුරේජාතනිඃශ්‍රය මෙන් විස්තර කරනු. රූපායතනං යනාදිය ආරම්මණ ප්‍රත්‍යය මෙන් විස්තර කරනු. “යං රූපං” යනාදිය ද පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය මෙන් විස්තර කරනු.
විශේෂ කරුණු:
“රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා” යනාදීන් පඤ්චද්වාරයෙහි ආරම්මණ පුරේජාතය වදාළ සේක. මනෝද්වාරය පිළිබඳ ව නො වදාරන ලදි. එහෙත් චක්ඛු අනිච්චතො යනාදිය වදාරා ඇති බැවින් මනෝද්වාරය පිළිබඳව ද එය වදාළ යුතු ය. නො වදාරන ලදුයේ මෙය සාවශේෂ දේශනාවක් වන බැවිනි. ‘මනෝද්වාරෙ පි ආරම්මණ පුරෙජාතං ලබ්භතෙ ව, ඉධ පන සාවසෙස වසෙන දෙසනා කතාති” යනු අටුවා යි. මේ ප්‍රත්‍යය නිර්‍දෙශය නාති විස්තාර දේශනයකි.