(1) හේතුප්‍රත්‍යය පිළිබඳ ප්‍රත්‍යය ඝටනාවෝ මෙ සේ ය:- සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජරූපයන්ට ද සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන හේතු සයෙහි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.
(2) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන හේතු සයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(3) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන හේතු සයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
(4) සහේතුක චිත්තජරූප, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතු සයෙහි සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
මේ අවිපාක ඝටනා සතර ය.
(5) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක හේතු තුනෙහි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(6) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාක හේතු තුනෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
(7) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන විපාක හේතු තුනෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
(8) සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක හේතු තුනෙහි සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
(9) හෘදයවස්තුවට පමණක් ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්හි ඇති හේතු තුනෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
මේ සවිපාක ඝටනා පස ය.
මේ සාමාන්‍ය ඝටනා නවය ය.
(10) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජරූපයන්ට ද සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන අමෝහයෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ශක්ති සය ගැටේ.
(11) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන අමෝහයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
(12) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන අමෝහයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, සම්ප්‍රයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.
(13) සහේතුක චිත්තජරූපයන්ට හා සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අමෝහයෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
මේ අවිපාක ඝටනා ඝටනා සතර ය.
(14) සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකා මෝහයෙහි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
(15) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන විපාකාමෝහයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.
(16) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන විපාකාමෝහයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය ගැටේ.
(17) සහේතුකචිත්තජ රූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකාමෝහයෙහි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.
(18) හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි අමෝහයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය ගැටේ.
සවිපාක ඝටනා පස ය.
මේ සඉන්ද්‍රීය මග්ග ඝටනා නවය ය.
(19) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
(20) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
(21) සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.
මේ අවිපාක ඝටනා තුනය.
(22) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ලෝකෝත්තර විපාක වීමංසාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ශක්ති අට ගැටේ.
(23) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන ලෝකෝත්තර විපාක වීමංසාධිපතියෙහි අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දශය ගැටේ.
(24) සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ලෝකෝත්තර විපාක වීමංසාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය ගැටේ.
මේ සවිපාක ඝටනා තුන ය.
සාධිපති ඉන්ද්‍රිය මග්ග ඝටනා සය ය.
මේ සූවිසි දෙන හේතු ප්‍රත්‍යය පිළිබඳ ඝටනාවෝ ය.