21. අත්‍ථි මිශ්‍රකයේ සන්නය

star_outline

විප්පයුත්ත මිස්සකයට අනතුරුව අත්‍ථි මිස්සකය වදාළ සේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි අත්‍ථිමූලක හේතු සභාගය ය, ආරම්මණ සභාගයය, අධිපති සභාගය ය, සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සය සභාගය ය, උපනිස්සය සභාගය ය, පුරෙජාත සභාගය ය, පච්ඡාජාත සභාගය ය, කම්මසභාගය ය, විපාක සභාගය ය, ආහාර සභාගය ය, ඉන්‍ද්‍රිය සභාගය ය, ඣානසභාගය ය, මග්ගසභාගයය, සම්පයුත්තසභාගය ය, විප්පයුත්ත සභාගයය, අවිගත සභාගය ය යයි සභාගවාර අටළොසෙකි.

1. එහි අත්‍ථි මූලක හේතු සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතු සය “අත්‍ථිපච්චයා හෙතුයා සත්ත”

2. ආරම්මණ සභාගයෙහි කාමසිත් සිවුපනසට හා දිබ්බචක්ඛු දිබ්බසෝත අභිඤ්ඤාවන්ට ප්‍රත්‍යය වන නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය “අත්‍ථිපච්චයා ආරම්මණෙ තීණි”

3. අධිපති සභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු ඉෂ්ට නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණාධිපති ප්‍රත්‍යය ය, සකලසහජාතාධිපති ප්‍රත්‍යය ය යන මොවුහු “අත්‍ථිපච්චයා අධිපතියා අට්ඨ”

4. සහජාතසභාගයෙහි සකල සහජාත ප්‍රත්‍යයධර්‍මයෝ “අත්‍ථිපච්චයා සහජාතෙ නව”

5. අඤ්ඤමඤ්ඤ සභාගයෙහි සකල අන්‍යෝන්‍ය ප්‍රත්‍යය “අත්‍ථි පච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”

6. නිස්සය සභාගයෙහි සකල සහජාත නිඃශ්‍රය පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථි පච්චයා නිස්සයෙ තෙරස”

7. උපනිස්සය සභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභ මූල අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු ඉෂ්ටනිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණපුරේජාතාත්‍ථිය “අත්‍ථි පච්චයා උපනිස්සයෙ එකං”

8. පුරේජාත සභාගයෙහි සකලාරම්මණ පුරේජාත වස්තු පුරේජාත ප්‍රත්‍යයෝ “අත්‍ථි පච්චයා පුරේජාතෙ තීණී” (9) පච්ඡාජාතසභාගයෙහි සකලපශ්චාජ්ජාත ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථි පච්චයා පච්ඡාජාතෙ තීණි” (10) කම්මසභාගයෙහි සකලසහජාත කර්‍මප්‍රත්‍යය “අත්‍ථි පච්චයා කම්මෙ සත්ත” (11) විපාක සභාගයෙහි සකල විපාක ප්‍රත්‍යය “අත්‍ථි පච්චයා විපාකෙ එකං” (12) ආහාර සභාගයෙහි සකලනාමාහාර රූපාහාර ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථි පච්චයා ආහාරෙ තීණි” (13) ඉන්‍ද්‍රියසභාගයෙහි සකල සහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය රූප ජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථි පච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත” (14) ඣාන සභාගයෙහි සකලධ්‍යාන ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථි පච්චයා ඣානෙ සත්ත” (15) මග්ගසභාගයෙහි සකලමාර්‍ගප්‍රත්‍ය ධර්‍මයෝ “අත්‍ථිපච්චයා මග්ගෙ සත්ත” (16) සම්පයුත්තසභාගයෙහි සකල සම්ප්‍රයුක්තප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථිපච්චයා සම්පයුත්තෙ තීණි” (17) විප්පයුත්ත සභාගයෙහි සකල සහජාත විප්‍රයුක්ත පුරේජාත විප්‍රයුක්ත පශ්චාජ්ජාතවිප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථිපච්චයා විප්පයුත්තෙ පඤ්ච” (18) අවිගත සභාගයෙහි සකලාස්ති ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථිපච්චයා අවිගතෙ තෙරස”

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline