සම්පයුත්තමිස්සකයට අනතුරු ව විප්පයුත්ත මිස්සකය වදාළ සේක. එද සභාගඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි විප්පයුත්ත මූලක හේතුසභාගය ය, ආරම්මණසභාගය ය, අධිපති සභාගය ය, සහජාතසභාගය ය, අඤ්ඤමඤ්ඤසභාගය ය, නිස්සය සභාගය ය, උපනිස්සයසභාගය ය, පුරේජාතසභාගය ය, පච්ඡාජාත සභාගය ය, කම්මසභාගය ය, විපාකසභාගය ය, ආහාරසභාගය ය, ඉන්‍ද්‍රියසභාගය ය, ඣානසභාගය ය, මග්ගසභාගය ය, අත්‍ථිසභාගය ය, අවිගතසභාගය ය යි සභාග වාර සතොළොසෙකි.
1. එයින් හේතුසභාගයෙහි සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතු සය - “විප්පයුත්ත පච්චයා හේතුයා තීණි”
2. ආරම්මණ සභාගයෙහි මනෝද්වාරාවජ්ජන මරණාසන්න ජවන තදාරම්මණයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් හෘදය වස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය - “විප්පයුත්ත පච්චයා ආරම්මණෙ තීණි”
3. විප්පයුත්තමූලක අධිපති සභාගයෙහි සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපතිධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ ආරම්මණාධිපති ප්‍රත්‍යය, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් හෘදය වස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය ය යන මොවුහු - “විප්පයුත්තපච්චයා අධිපතියා චත්තාරි”
4. සහජාතසභාගයෙහි සකල සහජාත විප්‍රයුක්තප්‍රත්‍යය ධර්‍මයෝ - “විප්පයුත්තපච්චයා සහජාතෙ තීණි”
5. අඤ්ඤමඤ්ඤසභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ හෘදයවස්තූහු - “විප්පයුත්ත පච්චයා අඤ්ඤමඤ්ඤෙ එකං”
6. නිස්සය සභාගයෙහි ගරු කළ යුතු වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය “විප්පයුත්තපච්චයා නිස්සයෙ එකං”
7. පුරේජාතසභාගයෙහි සකල පුරේජාත විප්පයුක්තප්‍රත්‍යය ධර්‍මයෝ - “විප්පයුත්තපච්චයා පුරෙජාතෙ තීණි”
8. පශ්චාජ්ජාතසභාගයෙහි සකල පශ්චාජ්ජාතප්‍රත්‍යය ධර්‍මයෝ - “විප්පයුත්තපච්චයා පච්ඡාජාතෙ තීණි”
9. කම්මසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනා වූ සසහජාත කර්‍මප්‍රත්‍යය - “විප්පයුත්තපච්චයා කම්මෙ තීණි”
10. විපාකසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු - “විප්පයුත්තපච්චයා විපාකෙ එකං”
11. ආහාරසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාර තුන “විප්පයුත්තපච්චයා ආහාරෙ තීණි”
12. ඉන්‍ද්‍රියසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට - “විප්පයුත්තපච්චයා ඉන්‍ද්‍රියෙ තීණි”
13. ධ්‍යානසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග ධර්‍මපස - “විප්පයුත්තපච්චයා ඣානෙ තීණි”
14. චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ගධර්‍ම නවය - “විප්පයුත්තපච්චයා මග්ගෙ තීණි”
15, 16. අත්‍ථිසභාගයෙහි සකල සහජාත විප්පයුත්ත පුරේජාත විප්පයුක්ත පශ්චාජ්ජාත විප්පයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ - “විප්පයුත්තපච්චයා පඤ්ච” “අවිගතෙ පඤ්ච”